අපි ජනතාව පෙළන්න ලෑස්ති නැහැ.අපි එන්නේ පාලකයෝ හොයාගෙන.තවදුරටත් වහල්ලු වගේ වැඩකරන්න බැහැ – විදුලි විරෝධය (VIDEO)

Date:

සංශෝධිත නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (08) දින ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට රැස්වී විරෝධතාවක නිරත විය.

පසුගිය කාලය තුළ ලංවිම වෘත්තීය සමිති විසින් සිය ගැටළු බලධාරීන් වෙත ඉදිරිපත් කළද ඒවාට නිසි ප්‍රතිචාර නොදී තවදුරටත් නිහඬ ප්‍රතිපත්තියක හිඳීම හේතුවෙනුයි මෙලෙස සංකේත විරෝධතාවක් සංවිධානය කර තිබුණේ.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය වහාම හකුළා ගැනීමට රජය කටයුතු නොකරන්නේ නම් මේ වන විට පැවැත්වෙන උසස් පෙළ විභාගය අවසාන වූ පසු දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙත යොමුවන බවටයි එම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය අවධාරණය කළේ.

අද දින පැවැත්වූ සංකේත වැඩවර්ජනය හේතුවෙන් රටේ විදුලි කප්පාදුවක් සිදුවීමට ඉඩ නොදෙන බවද එම වෘත්තීය සමිති සඳහන් කළ අතර කිසිලෙසකින්වත් ජනතාව පෙළීමට සූදානම් නැති බවත් සොයා පැමිණෙන්නේ පාලකයන් බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...