අපි ජනතාව පෙළන්න ලෑස්ති නැහැ.අපි එන්නේ පාලකයෝ හොයාගෙන.තවදුරටත් වහල්ලු වගේ වැඩකරන්න බැහැ – විදුලි විරෝධය (VIDEO)

සංශෝධිත නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (08) දින ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට රැස්වී විරෝධතාවක නිරත විය.

පසුගිය කාලය තුළ ලංවිම වෘත්තීය සමිති විසින් සිය ගැටළු බලධාරීන් වෙත ඉදිරිපත් කළද ඒවාට නිසි ප්‍රතිචාර නොදී තවදුරටත් නිහඬ ප්‍රතිපත්තියක හිඳීම හේතුවෙනුයි මෙලෙස සංකේත විරෝධතාවක් සංවිධානය කර තිබුණේ.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය වහාම හකුළා ගැනීමට රජය කටයුතු නොකරන්නේ නම් මේ වන විට පැවැත්වෙන උසස් පෙළ විභාගය අවසාන වූ පසු දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙත යොමුවන බවටයි එම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය අවධාරණය කළේ.

අද දින පැවැත්වූ සංකේත වැඩවර්ජනය හේතුවෙන් රටේ විදුලි කප්පාදුවක් සිදුවීමට ඉඩ නොදෙන බවද එම වෘත්තීය සමිති සඳහන් කළ අතර කිසිලෙසකින්වත් ජනතාව පෙළීමට සූදානම් නැති බවත් සොයා පැමිණෙන්නේ පාලකයන් බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...