පුටින් සිය න්‍යෂ්ටික අවි බෙලරුස් භූමියේ ස්ථානගත කිරීමට සැරසෙයි.

Date:

රුසියාවට අයත් න්‍යෂ්ටික අවි බෙලරුසියානු භූමියේ ස්ථානගත කරනු ඇති බව රුසියානු ජනාධිපති වැලැඩිමිර් පුටින් විසින් නිවේදනය කර තිබේ.

සිය දිගුකාලීන මිත්‍ර සගයෙක් වන බෙලාරුසියානු නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝන්ගේ පූර්ණ සහයෝගය සහිතව ජුලි 1 වනදා වන විට රුසියාව බෙලරුස් හි උපායශීලී න්‍යෂ්ටික අවි ගබඩා කිරීමේ පහසුකම ඉදිකිරීම අවසන් කරන බව ජනාධිපති පුටින් මෙහිදී සඳහන් කර තිබූ අතර න්‍යෂ්ටික අවි දියත් කිරීමට භාවිතා කළ හැකි ඉස්කැන්ඩර් උපායික මිසයිල පද්ධති කුඩා සංඛ්‍යාවක් දැනටමත් බෙලරුස් වෙත මාරු කර ඇති බව ජනාධිපති පුටින් පැවසීය.

කෙසේ නමුත් ආයුධ බෙලරුස් වෙත මාරු කරන්නේ කවදාද යන්න ඔහු නිශ්චිතව දක්වා නැත.

රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූයේ මෙහි අසාමාන්‍ය තත්වයක් නොමැති බවත්, එක්සත් ජනපදය දශක ගණනාවක් තිස්සේ ඔවුන්ගේ උපායශීලී න්‍යෂ්ටික අවි මිත්‍රරටවල භූමියේ ස්ථානගත කිරීමට සමාන බවයි. 1990 දශකයේ මැද භාගයෙන් පසු රුසියානු න්‍යෂ්ටික අවි රටින් පිටතට ගෙන යන මුල්ම අවස්ථාව මෙය වනු ඇත.

පුටින්ගේ මෙම ප්‍රකාශයත් සමඟ එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිය න්‍යෂ්ටික අවි සැකසීමට කිසිදු හේතුවක් නොමැති බවත්, නේටෝ සන්ධානයේ සාමූහික ආරක්ෂාව සඳහා අපි කැපවී සිටින බවත්ය.

පසුගියදා යුක්රේන ජනාධිපති විසින් සිය බටහිර මිත්‍රයන්ගෙන් වැඩි හමුදා සහයක් ඉල්ලා සිටි අතර මෙම සතිය මුලදී, රටවල් 18 ක් පමණ අවම වශයෙන් කාලතුවක්කු උණ්ඩ මිලියනයක් සැපයීමට ගිවිසුමක් අත්සන් කර ඇත.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් රනිල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. දිලීප පීරිසුත් උසාවි එයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද හිටපු...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ඇමති විජිත දින වකවානු එක්ක සහතික වෙයි!

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ කටයුතු,...

මධ්‍යම තැපැල් හුවමාරුවට පොලීසිය කැඳවද්දී වැඩ වර්ජකයෝ සත්‍යග්‍රහයකුත් අරඹති!

කොළඹ LNW: නිරතව සිටින තැපැල් සේවකයින් කොළඹ මධ්‍යම තැපැල්...