වෙරිටේ රිසර්ච් ආයතනයෙන් හෙලිදරව්වක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වෙරිටේ රිසර්ච් ආයතනය පවසන්නේ මෙරට ආර්ථිකය පිළිබඳ ගෝලීය විශ්වාසය ගොඩ නැගීම සඳහා තවත් පියවර කිහිපයක් ගත යුතු බවයි. මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සහ ණය ශ්‍රේණිගත කිරීමෙන් ඉහළ තලයකට පත් වීම ශ්‍රී ලංකාව හමුවේ ඇති මීළඟ අභියෝග වන බව ,එහි අධ්‍යක්ෂ ආර්ථික විශේෂඥ ආචාර්ය නිශාන් දි මෙල් පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා අනුව ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙළේදී වැඩි අවධානයක් දිය යුත්තේ පාඩු ලබන ආයතන සම්බන්ධයෙන් බවද ආචාර්ය නිශාන් දි මෙල් මෙහිදී කියා සිටි අතර මෙරට ඛනිජ තෙල් වෙළඳපොළට ප්‍රවේශ වීම සඳහා විදේශීය සමාගම් 3කට අවසර දීමට රජය ගෙන ඇති තීරණය මඟින් පාරිභෝගිකයාට වාසි දායක තත්ත්වයක් අත්කර දිය හැකි බව ද ආචාර්ය නිශාන් දි මෙල් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

http://bit.ly/3lAQ1Fn

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය