ගෝඨාභය ජනාධිපතිතුමා ඇදගත්ත විදිහ මෙන්න – තව පොඩ්ඩෙන් මගේ ඇමැතිකමත් ගහල යනවා (VIDEO)

Date:

කොළඹ LNW: පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා කඩා වැටී තිබුණු රටේ ආර්ථිකය කොවිඩ් හේතුවෙන් වසර එකහමාරක් පමණ වසා තැබීමට සිදුවීමෙන් වැටුණු ආර්ථිකයේ ඉතිරි ටිකත් නැතුව ගියේ වෛද්‍ය පාදෙණියගේ පොහොර කතාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැවටීම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා අද (27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

වෛද්‍ය පාදෙණිය ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් රසායනික පොහොර භාවිතයේ ප්‍රතිඵල ගැන පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරුන්ට ද දේශනා පැවැත්වූ නමුත් ඔවුන් පවසන දේ කළ නොහැකි බවට ජනාධිපතිවරයාට පැහැදිලි කළද ඉන් පලක් නොවුණු බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

එක් අවස්ථාවකදී පොහොර ප්‍රශ්නය ජනාධිපතිවරයා සමඟ කතා කරන්නට ගොස් තවදුරටත් ඒ ගැන කතා කළේ නම් ඒ මොහොතේ තමන්ගේ අමතිකමද අහිමි වීමට තිබුණු බව චන්ද්‍රසේන මහතා කියා සිටියේය.

ඒ අනුව වෛද්‍යවරුන්ගේ වැරදි උපදෙස් නිසා අවසානයේ රටේ ආර්ථිකය කඩා වැටුණු බවත් මේ වන විට යේම වැරැද්ද නිවැරදි කරමින් තිබෙන බවයි ඔහු පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...