රන්, රිදී, ලෝකඩ රැඟෙන ජනනි සහ ඩයනි අද රාත්‍රියේ ලංකාවට

Date:

ඉන්දියාවේ බැංගලෝරයේ පැවති පස්වන ඉන්දීය වීවෘත ජාත්‍යන්තර පැරා කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන ලද ජනනි ධනංජනා මීටර් 100 ඉසව්වට රන් පදක්කමක්,දුර පැනීම ඉසව්වට රිදී පදක්කමක් සහ මීටර් 200 ඉසව්වට ලෝකඩ පදක්කමක් දිනා ගන්නට සමත් වුණා.

එම තරගාවලිය නියෝජනය කළ කුමුදිකා දයානි මීටර් 100 සහ මීටර් 200 ඉසව්වලින් දෙවන තැනත් දුර පැනීමේ ඉසව්වෙන් තෙවන තැනත් දිනා ගන්නට සමත් වුණා.ඔවුන් ඊයේ දවසේ මීටර් 200 තරගයට සහභාගි වී ඊට පෙර එකතු කරගෙන සිටි පදක්කම් ගොන්නට තවත් පදක්කම් දෙකක් එකතු කර ගැනීම කැපී පෙණුනා.
එම ක්‍රීඩිකාවන් දෙදෙනා සිය ජයග්‍රහණ සමඟ අභිමානවත්ට අද (මැයි 08) පස්වරු 10.40 ට,එයාර් ලංකා ගුවන් සේවයට අයත් යුඑල් 172 ගුවන් යානයෙන් දිවයිනට පැමිණිමට නියමිතයි.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...