හෙට (22) සිට ගොවීන්ට පොහොර සහනාධාර වවුචර්පත්.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හෙට (22) දිනයේ සිට යල කන්නයේ වී වගා කරන ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර වවුචර්පත් නිකුත් කිරීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

රජය පසුගිය දා තීරණය කර කළේ, යල කන්නයේ වී වගා කරන ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් ඔවුන්ට අවශ්‍ය රසායනික හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සහනාධාර වචුචරයක් වශයෙන් ලබාදීමටයි.

කෘෂිකර්ම අමාත්‍යංශය පැවසූවේ ඒ අනුව,  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය පරිදි ගොවීන් 650,000ක් සඳහා එම මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට පියවර ගන්නා බවයි.

වී වගා කරන හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකක් සඳහා රුපියල් 40,000ක් වශයෙන් සහනාධාර මුදලක් ලබා දීමට මෙම වැඩසටහන යටතේ නියමිතය.

මෙම වවුචර් වලින් ගොවීන්ට රසායනික පොහොර හෝ කාබනික පොහොර පමණක් මිල දී ගත හැකි බවත් , යල කන්නයේ වී වගා කරන ගොවීන් 650,000ට මෙම වවුචර්පත් නිකුත් කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින්  සිදුකරන බවත්   සඳහන් වේ.

රජයේ පොහොර සමාගම් දෙක විසින්  සපයන රසායනික හෝ කාබනික පොහොර සියලුම ගොවි  ජන සේවා මධ්‍යස්ථානවලින් ද, පුද්ගලික අංශය මගින් ද මිල දී ගැනීමටද,  ගොවි ජනතාවගේ කැමැත්ත පරිදි අවස්ථාව සලසා දී ඇති බව රජය පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

විශාලම ජයග්‍රහණය මහනුවරින් – සටන්කාමීම පරාජය ගුවන් හමුදාවෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: මැලිබන් කුසලානය වෙනුවෙන් පවත්වන...

” අසභ්‍යකරණය ” හා “වාචාලකරණය “

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කටට...