දුම් ගැහුවම මදුරුවෝ ගෙට එනවා වගේ කථා කියන්නේ කිසිදු පදනමක් නැතුව – රවි කුමුදේශ්

Date:

මර්ධන වැඩසටහන් වැඩි වෙද්දී රෝගයත් වැඩි වෙනවානම්, ඒ වැඩසටහවල සඵල දායක බව වහාම පරීක්ෂා කරන්න ඕනේ

ඩෙංගු සම්බන්ධව අපි මීට කලින් මේ දේවල් කිව්වා.ඒත් කිසි කෙනෙක් ගණන් ගත්තේ නෑ.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියනවා දුම් ගැහුවම මදුරුවෝ ගෙට යනවලු.
මෙයාලා මේක සරලව අරන් ඉන්නේ..

ඩෙංගු මර්ධන වැඩසටහන් වල සාර්ථකත්වයක් තියනවද.අනිවාර්යයෙන් මේවා මැනලා බලන්න ඕනේ.රෝගීන් එන්න එන්න වැඩිවෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයම තමයි දුම් ගහන එක හොදයි කියන්නේ.දැන් එයාලම තමයි කියන්නේ දුම් ගැහුමව මදුරුවෝ ගෙට යනවා කියලා.

ජනාධිපති කියපු ඩෙංගු පිළිබද ජනාධිපති කාර්‍ය සාධන බලකායක් හදනවා කිව්වේ..කෝ ඒ බලකාය..බොරුද මේ කියන්නේ.

ඩෙංගු ජානාධිපති කාර්ය සාධන බලකාය මාධ්‍ය ප්‍රකාශයක් විතරද?

මැයි මාසයේ ගතවූ දින 20 ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 6,037 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,745 කි.

එයින් රෝගීන් 6,709ක් පෙබරවාරි මාසයේදීද, රෝගීන් 6,419ක් මාර්තු මාසයේද, හඳුනාගෙන ඇති අතර රෝගීන් 7,617 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ අප්‍රේල් මාසයේදීය.

ඒ අනූව රෝග ප්‍රවනතාවය වැඩිවෙමින් පවතින අතර, මර්ධන වැඩසටහනේ ප්‍රතිඵලදායක බව සහ කාර්යක්ෂම බව පිළිබදව පැහැදිළි ප්‍රශ්ණාර්තයක් මතු වී ඇත.

කෙසේ නමුත්, මෙම වසරේ ගත වූ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් හඳුනාගෙන ඇත්තේ ඉකුත් ජනවාරි මාසයේදී වන අතර, එලෙස හඳුනා ගැනුණු රෝගීන් ප්‍රමාණය 8,963 ක් වන නමුත් එම කාලය තුල විශාල ඩෙංගු මර්ධන වැඩසටහන් ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර ඇති තත්වයක් හමුවේ නැතත වැඩිවන සීඝ්‍රතාවයකින් රෝගය පැතිරීම පිළිබඳව දැඩි සැලකිල්ලක් යොමු විය යුතුය.

තවද, මෙරට වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් තවදුරටත් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, මෙම වසරේ ගතවූ කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 8,035 ක් වනවා.

ඒ අනූව, දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වුවද ඩෙංගු ව්‍යාප්ත අවදානම මෙතෙක් පහව ගොස් නොමැති බවයි ඉතා පැහැදිළිය.

ඩෙංගු රෝගයෙහි වර්ධනීය තත්වය පිළිබඳව සැලකිල්ලටගෙන, මර්ධනය සඳහා ජනාධිපති කාර්‍යසාධන බලකායක් ඇරඹීමට ජනධිපතිරයා නියෝග කලද, මේ වන තුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඒ සඳහා කටයුතු කර ඇති බවක් පෙනෙන්නට නැත.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...

අනේ ප්ලීස් නම් කියන්න එපා. මන් කියනදේ අහලා ඒක කරන්න – සජිත්

කොළඹ LNW: ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත...

අනුරපුරෙන් හමු වූ පරිභෝජනයට නුසුදුසු මස් කි.ග්‍රෑ. 12,000කට මුද්‍රා තැබේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 කොළඹ LNW : අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව...

බිත්තරයක මිල රු.70ක් දක්වා ඉහළට?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ සත්ව ගොවිපොළවල්වලට සිදුව ඇති...