ශ්‍රී ලංකා කණ්ඩායමට සිම්බාබ්වේ දී සිඳු වූ වරද නිවැරදි වෙයි

ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග සඳහා සහභාගි වීමට සිම්බාබ්වේ වෙත පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ඊට පෙර පැමිණි කණ්ඩායමක් පරික්ෂා කිරීමේ කටයුතු නිමා වී නොතිබුණ නිසා අපහසුවට පත් වීමට සිඳු වී ඇත.ජාතික කණ්ඩායමකට නොලැබිය යුතු ආකාරයෙන් ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සැළකිලි ලැබී ඇති බව සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් ඡායාරූපවලින් පැහැදිළි වේ. එම ඡායාරූපවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් බුලවායෝ හී පිහිටි හෝටල් පරිශ්‍රයට ඇතුල්වීමට ප්‍රමාද වීම නිසා එහි තැන තැන බිම වැතිර සිටින ආකාරයක් දක්නට ලැබේ.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කඩිනමින් මැදිහත් වූ බව පෙන්වා දෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර ඇත.එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ එම හෝටලයට කතා කර සිඳු වූ ප්‍රමාකය සහ අතපසුවීම වහාම නිවැරදි කරන්නට කටයුතු කළ බවය.

සිම්බාබ්වේ මේ වන විට ලෝකයේ වැඩිම උද්ධමනයක් සහිත රටවල් අතර දෙවන තැන පසුවන අතර ඔවුන්ගේ උද්ධමන අගය 676% ට වැඩි අගයක් ගනියි.එවැනි තත්ත්වයක් යටතේ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීමේදී දැඩි බාධාවන් ඇති විය හැකිය.ලෝක කුසලාන තරගාවලියට සෘජුව නොතේරිම නිසා සිම්බාබ්වේ පවත්වන මෙම තරගාවලිය දක්වා ශ්‍රි ලංකා කණ්ඩායම පහත වැටීම නිසා මෙම තරගාවලියට මුහුණ දෙන්න වෙන්නේ, අඩු පහසුකම් සහිත රටක් වන සිම්බාබ්වේදී නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවැනි තවත් දුෂ්කරතා හමු වීමට ඉඩ ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...

CNN, MS NOW සහ Politico ට්‍රම්ප්ගේ ධවල මන්දිර තහනමට එරෙහිව නඩු පවරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ක්‍රිකට් කීඩාවේ වත්මන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : තේරී පත් වූ...