වලල ආධිපත්‍යය සහ ජයග්‍රහණ බෙදී යාම

Date:

කාලයෙන් කාලයට මලල ක්‍රීඩා පිටියේ දස්කම් වෙනස්වීම ස්වභාවයය.බොහෝ විට ඒ තත්ත්වයට හේතුවන්නේ ක්‍රීඩක ක්‍රීඩිකා දක්ෂතාවය වගේම පුහුණු මඟ පෙන්වීමය.මෙවර රිට්ස්බරි සහය දිවීමේ තරගාවලියේ පළමු දින දෙක නිමාවන විට ප්‍රතිපල පැහැදිළි කරන්නේ ද ඒ තත්ත්වයය.


වලල ඒ රත්නායකය බාලක මෙන්ම බාලිකා අංශයේද අවසාන තරග වැඩි ප්‍රමාණයක ප්‍රථම ස්ථානය දිනා ගෙන සිටියි.එහිදී වැදගත්ම සාධකය ඔවුන් පාසල් මලල ක්‍රීඩා කේෂ්ත්‍රයේ කිරුළට හිමිකම් කියන්නට පටන් ගත් මොහොතේ සිට අද දක්වාම පුහුණුකරු හැටියට සුසන්ත ප්‍රනාන්දුගේ ආශිර්වාදය ඔවුන්ට ලැබීමය.නමුත් වලලට අභියෝගයක් වෙමින් පසුගිය දශක එක හමාර තුළ පැමිණි පාසල් අපට දැක ගන්නට අවස්ථාව ලැබිණ.
මාදම්ප සේනානයකය.කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකාව,රත්නපුර සුමන බාලිකාව වැනි පාසල් මේ සඳහා හොඳ උදාහරණය.ඒ පොකුරේ නැඟෙමින් ආ මීගමුව මාරිස්ටෙල්ලා, වැනි විද්‍යාල තවමත් එම තත්ත්වය කළමණාකරණය කරගෙන හිටියත් ඉහත පාසල් තුනම ඔවුන්ගේ කීර්තිය විහිදුවා ලූ සමයේ සිටි පුහුණුකරුවන්ගේන් විතැන්ව සිටියි.මාදම්පේ සේනානායකයට යළිත් පරාක්‍රම බණ්ඩාර පැමිණ සිටියත් සුමන බාලිකාවට බීආර් පාලිතයන්ගේත්,ජෝෂප් බාලිකාවට නන්දාගේත් සේවය අහිමිව ගොස ඇත්තේ ජයග්‍රහණවල පැහැදිළි සිදී යාමක් ද සමඟය.


අඹගමුව විද්‍යාලයද තවමත් යැපෙන්නේ අනුර බණ්ඩාරගේ මඟ පෙන්වීම මතය.මේ වන විට එය වෙනදාට වඩා ප්‍රගතියක් පෙන්වමින් සිටින්නේය.පන්නිපිටය ධර්මපාලය වැනි පාසල් 90 දශකයේ කැපී පෙණුන මලල ක්‍රීඩා පාසල්ය.ඒවා ද දැන් යළික් යම් පිබිදීමක් සහිතව සිටියි.මාතර රාහුලද එවැනි තත්ත්වයක සිටින්නේය.ශාන්ත ජෝෂ්ප් සහ ශාන්ත පීතර මහා පරිමාන ආක්‍රමණ නැතත් යම් මට්ටමකට අලුත් ප්‍රවනතා සමඟ සිය නම ඉදිරියෙන් ජයග්‍රහණ කිහිපයක් සටහන් කර ගනිමින් සිටින්නේය.
වැදගත්ම කොටස වන්නේ මීට වසර කිහිපයකට පෙර පාසල් වෙත බඳවා ගත් ක්‍රීඩා පුහුණුකරුවන් මේ වන විට යම් ආකාරයකින් මේ ජයග්‍රහණ සඳහා දක්වන දායකත්වයය.එය වක්මන් ශාරිරික අභ්‍යාස ගුරුවරු බඳවා ගැනීමේ සංකල්පය ගෙනා සුනිල් ජයවීරයන්ම ඊට වසර විසි ගණනකට පසුව ගෙනා සංකල්පයක පලයක්ය.ඒ නිසා සෑම දෙයක්ම සෑම කෙනෙක්ටම හැකිය දිය යුතුය කියා විශ්වාස කරන පිරිස් සුනිල් ජයවීර වැනි නිර්මාණශීලී චින්තනයක් ඔහු කරන ලද ක්‍රීඩාව,ක්‍රීඩා පුහණුව සහ ක්‍රීඩා පරිපාලනය කරපු පමණින් ලැබේයැයි නොසිතිය යුතුය.


දින දෙක නිමාවන විට වලල පෙරමුණ ගත්තද,අලුත් ප්‍රවනතාවන් සහිතව දිවයින පුරා ජයග්‍රහණවලට අලුත් නම් එකත් වීමේ වැඩිවීමක් ද දකින්නට ඇත.එය රිටිස්බරි අනුග්‍රහයට ද වැදගත්ය.ඔවුන්ගේ ක්‍රීඩාව රසවත් කිරීමේ මැදිහත්වීම මේ පළල් සහභාගීත්වය නිසා වානිජමය වශයෙන් ද රට පුරා දිවෙන්නේය.එය රිට්ස්බරි රසයට වටිනාකමක් ලැබෙන එකක් මෙන්ම මලල ක්‍රීඩා බලධාරීන්ට මලල ක්‍රීඩා රස බලන්නට තවත් අනුග්‍රාහකයන් එකතු කර ගන්නට මඟ කිවීමක් කර ගත හැකිය.


පහතින් ඇත්තේ පළමු දින දෙකේ තරග ප්‍රතිපලවලට පිවිසෙන්නට පාසල් මලල ක්‍රීඩා සංගමයේ වෙබ් අඩවිය හරහා සකසා ඇති ඉඩ කඩ ස්පර්ශ කරන්නට පිවිසිය හැකි මඟය.


https://slsaa.lk/view-result.php?q=resources%2Fresults%2F64980704c9c66.pdf

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...