විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීම පිළිබඳ තීරණයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):සෞඛ්‍ය අමාත්‍යංශය විසින්  රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත් වසරේ ඔක්තෝබර් මස 17 වනදා ගනු ලැබූ තීරණය බලරහිතකිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශේෂඥ වෛද්‍යවරු 176දෙනෙකු විසින් ගොනුකරනු ලැබූ රිට් පෙත්සමක් ඊයේ (27) සලකා බැලු අවස්ථාවේදී මේ බව දැනුම්දුන් දී ඇත.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවා තිබුණු අතර , එහිදී  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් තමන්ට උපදෙස් ලැබී ඇති බවයි .

මීට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගැනීමට නියමිත බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පවසා ඇත.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් සෞඛ්‍ය බලධාරීන් ගනුලබන මෙම පියවර සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බව සඳහන් .

කෙසේ වෙතත් ඇතැම් විශේෂඥ වෛද්‍යවරු මේ මස 30 වනදා විශ්‍රාම ගැන්වීමට නියමිතව තිබෙන හෙයින් මෙම පෙත්සම සලකා බැලීම සඳහා අද (28) කැඳවන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට ඇති අතර , ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අද කැඳවන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර ඇත .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...