බංකොලොත් රටේත් හරි දේ හරි විදිහට කරන්න ඉගෙන ගෙන නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

අස්වැසුම හෝ කුමන ආකාරයේ වැඩසටහනක් ආරම්භ කිරීමට පෙර සංගනනයක් සහ ගෘහයක ආදායම් වියදමි සමීක්ෂණයක් සිදු කර දරිද්‍රතා රේඛාව හදුනා ගත හැකි බවත් ඒ තුලින් සැබෑ දුප්පතුන් කවුද කියා හදුනා ගත හැකි නමුත් වත්මන් රජය මුලින්ම වැඩසටහන පටන් ගෙන පසුව සංගනනයක් සිදු කිරිම ආරම්භ කළ බවත් එය වැරදි බවත් බංකොලොත් රටේත් හරි විදිහට හරි දේ කරන්න තවමත් ඉගෙන ගෙන නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (01) අනුරාධපුර ලංකාරාම විහාරය සහ ජයන්ති විහාරයේ සංචාරය යෙදුනු අවස්ථාවේ උතුරු සහ උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක විහාරාධිපති නුගේතැන්නේ මංගල ධර්ම කීර්ති ශ්‍රී සෝභිත රතනජෝති පඤ්ඤානන්ධාභිධාන නායක ස්වාමීන් වහන්සේ හමු වූ අවස්ථාවේදීය.

එහිදී නායක හිමියන් විසින් කියා සිටියේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ කාලයේ ජනසවිය දෙන විට සිටි දුප්පතුන් තවමත් සිටින බවත් සමහර පුද්ගලයන් සමෘද්ධිය කැපෙනවාට කැමති නැති බව යි. එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියෙ ජනසවිය දුන්නේ මාස 24ක් බවත් එහි දී ඉතිරිකිරිමට සහ ආයෝජනයට ද පුද්ගල සෞඛ්‍ය සම්පන්න භාවය සම්බන්ධයෙන් ද අවධානය ⁣යොමු කළ බවයි. එවක රජය කියා සිටියෙ වසර දෙකක් රජය ජනතාව පෝෂණය කරන බවත් ඉන් පසු ජනතාව තමන් විසින් ම නැගිටිය යුතු බවත් ය.

රටේ ජනතාව නගා සිටුවීමට හොද වැඩසටහනක් සිදු කළ හැකි මුත් ඒ සදහා පැහැදිලි දේශපාලන අධිෂ්ඨානයක් තිබිය යුතු බවත් එසෙම දසරාජ ධර්ම අනුගමනය කරමින් සෘජු විය යුතු අවස්ථාවේ සෘජු වී මෘදු විය යුතු අවස්ථාවේ මෘදු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලංකාරාම විහාරයේ සිදුකළ සංචාරය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එහි පැවැති අඩුපාඩු රැසක් අනුරාධපුර ලංකාරාමාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රළපනාවේ ධම්මජෝති නාහිමියන් පෙන්වා දුන්නේය. එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික කටයුතු ඇමතිවරයා ලෙස සිටි සමයේ ලංකාරාම විහාරයේ බැම්මක් සකස් කිරීමට රුපියල් ලක්ෂ පනහක මුදලක් ලබා දුන් බවත් එම මුදලින් බැම්ම සකස් කළ බවත් පවසමින් නායක ස්වාමීන් වහන්සේ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශිර්වාද කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Sydney Lions District 201N5 සමුළුවේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉහළ පිළිගැනීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : සිඩ්නි සිංහ දිස්ත්‍රික්...

අඩුකළ ඖෂධ ලැයිස්තුව සහ මිල ගණන් මෙන්න!

කොළඹ LNW:මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ ඖෂධ වර්ග 350 ක...

විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් සඳහා ලබාදෙන මුදල වැඩි කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : මේ දිනවල පොල්...

පහළ කඩුගන්නාවේ නාය යෑම – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කොළඹ LNW:පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල...