කොමියුනිස්ට්වාදය යනු ෆැසිස්ට්වාදයමද ….?

Date:

රැසියාවෙන් ආරම්භ වී ලොව වටා හඹාගිය කොමියුනිස්ට්වාදය යනු යුටෝපියානු වර්ණ ආලේප කල ෆැසිස්ට්වාදයේම පිටපතක් බව කැමූගේ විශෙෂයෙන්ම සාස්ත්‍රේගේ විචාරවල සඳහන් වේ.

මාක්ස්ගේ වාමාංශික ලේඛණ වල කම්කරු අයිතීන් ගැන ඉහලින්ම සඳහන්වී තිබුනද මේ කොමිනිස්ට් රාජ්‍යයන් තුල කම්කරු අයිතීන් කිසිවක් නොපවතී. මෙහිදී නායකයින්ගේ යුටෝපියානු කොමියුනිස්ට් රාජ්‍ය සාක්ෂාත් කරගැනීම උදෙසා ප්‍රතිලාභ අපේෂා නොකර කම්කරුවන් දිවිහිමියෙන් වැඩකල යුතුවේ. මේ රාජ්‍යයන් තුල වෘතීය සමිති ව්‍යාපාර ඇතත් ඒවායින් කෙරෙන්නේ පක්ෂයට අවශ්‍ය ලෙස කම්කරුවන් දැක්කවීමයි..

මේ කොමිනිස්ට් රාජ්‍යයක් යනු සමාජයක් දෙශපාලනීකරණය වීමේ උපරිම අවස්තාව වේ. මන්ද, මෙහිදී සමාජ ආර්ථික දේහයේ සෑම තැනකම පක්ෂය සිටී…

ෆැසිස්ට්වාදය තුල මෙන්ම කොමියුනිස්ට්වාදය තුලද උත්තරීතර වන්නේ මිනිසුන් නොව පක්ෂයයි. එසේම එහි පවතින්නේද ෆැසිස්ට්වාදයේ පවතින තනි පක්ෂ දෘඩ ඒකාධිපති පාලනයයි. මෙහිදී සිදුකරන සියළු මිනිස් ඝාතන කොමිනිස්ට් යුටෝපියාවේ නාමයෙන් සාධාරණීකරනය කෙරේ..

එසේම මිනිසුන් විශාලම ප්‍රමාණයක් ඝාතනය කල ඒකාධිපති ඝාතකයින් බිහිවූයේද මේරටවල් වලිනි.. මවෝසේතුං, ස්ටාලින් සහ මෙහි වර්තමාන උදාහරණය ලෙස උතුරු කොරියාවේ කිම් පාලනය ගතහැකි අතර උතුරු කොරියාවේ කිසිදු ඝාතන තොරතුරක් එළියටද නොපැමිනේ. සියල්ල රහස් ලෙස තබාගනී..

දෙවන ලෝක යුධ සමයේ ලෝකයේ ඇතිවූ ආර්ථික අවපාතයේ ඇතිවූ වෛශයික කොන්දේසි තුල මේ නට්සිවාදය සහ රතු ෆැසිස්ට්වාදය උපත ලබන්නට ඇතැයි අපට සිතිය හැකිය….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...