සාමාජිකයන් 6,000 ක් ද සමඟ සමරිසි ප්‍රජාව වෘත්තීය ක්‍රියාමාර්ගයකට!

Date:

සංස්කාරක (LGBTIQ)

කොළඹ (LNW): සාමාජිකයන් හය දහසකගේ පමණ සහභාගීත්වයෙන් යුතුව ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව (LGBTQIA+) විසින් පිහිටුවා ගත් වෘත්තීය සංගමයක් සඳහා රජයේ අනුමැතිය හිමිව ඇති බවට වාර්තා වේ.

වෘත්තීය පරිසරය තුළ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව මුහුණ දෙනු ලබන ගැටළු ආමන්ත්‍රණය කිරීම සඳහා පිහිටුවාගත් මෙම වෘත්තීය සංගමයට දායකත්වය ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකා නාවිකයන්ගේ ජාතික සංගමය (NUSS) විසිනි.

මේ සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවේ නියෝජිතයන් අතර හමුවක් ඉකුත් දින පැවැත්වී ඇති අතර, එහි දී පුරවැසියන් ලෙස එම ප්‍රජාවට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව මඟින් සහතික කර ඇති අයිතිවාසිකම් ආරක්ෂා කරමින් මෙවන් වෘත්තීය සංගමයක් පිහිටුවා ගැනීමේ වැදගත්කම සාකච්ඡාවට බඳුන් වී ඇත.

දශක ගණනාවක් පුරා නීතියෙන් පිටත හා නීතිය තුළ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම්වලට ලක්වී ඇති අතර, ඔවුනට වැඩි වශයෙන්ම කෙණහිලිකම්වලට මුහුණ පෑමට සිදුව තිබෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ගෙන් ය.

මෙම සාකච්ඡාව අතරතුර දී අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ජාතික කම්කරු උපදේශක සභාව (NLAC) තුළ නව LGBTQIA+ වෘත්තීය සමිතිය සඳහා ස්ථානයක් වෙන් කොට එමඟින් ඔවුන්ගේ ගැටළු ඉහළම මට්ටමින් ආමන්ත්‍රණය කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ශ්‍රී ලංකා නාවිකයන්ගේ ජාතික සංගමයට උපදෙස් ලබා දී තිබේ.

LGBTQIA+ ප්‍රජාව, නීත්‍යානුකූල පුරවැසියන් වුවද, බොහෝ විට කොන්කොට සැලකීම් සහ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වන අතර, ඔවුන් මුහුණ දෙන බරපතලම ප්‍රශ්නය වන්නේ පොලිසියේ අඛණ්ඩ හිරිහැර බව නාවිකයන්ගේ ජාතික සංගමයේ සභාපති පාලිත අතුකෝරළ මහතා සඳහන් කළේය.

මෙරට කාර්මික අංශ සහ නිදහස් වෙළඳ කලාපවල (FTZ) විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව සඳහා ඇති රැකියා අවස්ථා ඉහළ යමින් පවතින අතර, එමඟින් වෘත්තීය සමිති මට්ටමින් ඔවුන්ගේ ගැටළු ආමන්ත්‍රණය කිරීමට ඔවුනට ඉඩ සැලසෙන බව පෙන්වා දුන් අතුකෝරළ මහතා, රජයේ හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ද එම ප්‍රජාව විසින් පිහිටුවා ගත් නව වෘත්තීය සංගමයට සහාය දැක්වීමට ඉදිරිපත් වී ඇති බව අනාවරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සන්ටෝ ගියේ ඇයි?

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: නජ්මුල් හොසේන් සන්ටෝ ශ්‍රී...

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපාට අධි චෝදනා භාරදෙයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : 2014 වසරේ එවක...

ජනාධිපති අරමුදලින් ඉෂාක් බෙග් ගේ ප්‍රතිකාර සඳහා මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : ඉෂාක් බෙග් මහතාගේ...

මැලේසියාව ඉදිරියේ පළමු පරාජය ලබයි – පොදු වැරදි ප්‍රධාන හේතුවයි

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු යොවුන්...