අධිකරණයට අපහාස කිරීම : සනත් නිශාන්තට එරෙහි නඩු විභාගයට දින නියම කෙරේ

Date:

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි තුන ඔක්තෝබර් 27 වනදා සිට විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

ඒ, එම පැමිණිලි අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන විනිසුරුවරුන් හමුවේ ඊයේ (27) කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය කියා සිටියෙ සාක්ෂි ආඥා පනත යටතේ වීඩියෝ සාක්ෂි වලට අදාල පරීක්ෂණ සම්බන්ධ ලීයකියවිලි අධිකරණය හමුවේ ගොනු කළ බවත් ඒ අනුව පැමිණිලි විභාගය සඳහා දින නියම කරන ලෙස ඉල්ලා සිටින බවත් ය.

2022 අගෝස්තු 25 හෝ ඊට ආසන්න දිනකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අරගලකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරුන් කටයුතු කරන ආකාරය පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළ බවට සනත් නිශාන්තට එරෙහිව මෙම පැමිණිලි ගොනු කර ඇත්තේ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ ප්‍රියලාල් සිරිසේන, විජිත කුමාර යන නීතීඥවරුන් විසිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...