ප්‍රතිජීවක ඖෂධය සම්බන්ධයෙන් වන ඔස්ට්‍රේලියානු විමර්ශන වාර්තාව එළියට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගියදා ආන්දෝලනාත්මක කරුණකට තුඩු දුන් සිද්ධියක් වූ ජාතික රෝහලේදී මිය ගිය 50 හැවිරිදි පුද්ගලයාට ලබාදුන් ප්‍රතිජීවක ඖෂධය සම්බන්ධයෙන් වන ඔස්ට්‍රේලියානු විමර්ශන වාර්තාව මේ වනවිට ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටී.

අදාල පුද්ගලයාට ලබාදුන් කෝ ඇමෙක්සි ක්ලොව් නමැති ප්‍රතිජීවක ඖෂධයේ ගැටලුකාරි තත්ත්වයක් නොවන බවට එම විමර්ශන වාර්තාව පෙන්වාදී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී විජේසූරිය මහතා පවසයි.

එම රෝගියාගේ ජෛව සාම්පලද වැඩිදුර විමර්ශන සඳහා ඉන්දියාවට යවා ඇති අතර එහි වාර්තා මෙතෙක් ලැබී නැති අතර, කැපුම් තුවාලයකට ප්‍රතිකාර ගැනීමට වරකාපොළ සිට පැමිණි 50 හැවිරිදි පුද්ගලයෙක් පසුගියදා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් විය. එහිදී , අදාළ ප්‍රතිජීවක ඖෂධය ලබා දීමෙන් පසු ඔහු ගිය බව පවුලේ ඥාතීන් චෝදනා කළහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්මාරියේ තිබුන මගේ බැංකු පොත කෝ …?

තාත්තාට දෙවුදත්ව වැහිලා බුදුන්ගෙන් පළිගන්න හවසටචීත්තේට මන් තුරුල් කරගෙන...

වම්මුන්ගේ පැලැස්තර : “වාම රාජ්‍ය” ෆැන්ටසියක්ද, යථාර්ථයක්ද ?

ඕනෑම මිනිස් සමාජයක් තුල ස්වභාවිකවම පිළිසිඳගන්න අනිවාර්ය මනෝව්‍යාධීන් කිහිපයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 21) දිනයේදී නැගෙනහිර, ඌව...