පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම ආරම්භ වේ ! ප්‍රථම මංගල ගුවන් යානය පැමිණෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් ගේ පැමිණීම ආරම්භ කරමින් , ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (03) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. යුරෝපය පුරා එළඹෙමින් පවතින ශීත ඍතුවත් සමග ශ්‍රී ලංකාව වෙත එරට ජනතාව කෙමෙන් ඇදී ඒම මෙයින් සංඛේතවත් කරයි.

මෙසේ ශීත ඍතුව තුළ පෝලන්ත සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම මෙවර සිදු වන්නේ 13 වැනි වරටය . කෙසේවෙතත් 86 දෙනෙකුගෙන් සමන්විත මෙම ගුවන් ගමනේදී පෝලන්ත ජාතික සංචාරකයන් අතර වැඩිපුර තරුණ පිරිසක් සිටීම විශේෂත්වයක් විය .

2023 වසරේ නොවැම්බර් මාසයේ සිට එළඹෙන 2024 මාර්තු මාසය දක්වා මේ ආකාරයට පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමට නියමිත අතර, මෙම පෝලන්ත සංචාරකයන් අනුරාධපුරය , පොළොන්නරුව , සීගිරිය වැනි ඓතිහාසික ස්ථාන උණවටුන , ආරුගම් බේ මුහුදු තීර වල සහ ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන තුළ ද සංචාරය කිරීමට නියමිත බවද සඳහන් වේ.

මේ වසරේ පළමු මාස හත තුළ සංචාරකයන් 763,000ක් මෙරටට පැමිණ ඇති බවත් එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ අදායමක් ලබාගැනීමට හැකිවූ බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පසුගියදා කියා සිටියාය.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පසුගියදා පැවසූවේ, රටේ ආර්ථිකය නැංවීමට සංචාරක ක්ෂේත්‍රය ද උපරිම වශයෙන් දායකකර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවත් , තවදුරටත් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යංශය ලෙස නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : මාධ්‍ය විසින් කළ...

දයාසිරි ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය ගැන විමර්ශනයට...

බෙන්තර වෙරළින් මතු වූ රු.මි. 700කට අධික අයිස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව...

ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක්!

කොළඹ LNW: ධීවර ප්‍රජාව වෙත විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට...