ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 36 ක් දක්වා ඉහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වන විට ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළ යමින් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසයි.

ඒ අනුව ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 36 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු පවසයි.

ඔහු පැවසුවේ , නිවාසවලට අමතරව, පොදු ස්ථාන, රජයේ හා පෞද්ගලික ආයතනවලින්ද මදුරු කීටයන් බෝ වන ස්ථාන හඳුනාගෙන ඇති බවයි.

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 69,008 ක් වාර්තා වී ඇති අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ පසුගිය මාසයේ රෝගීන් 4,000ක් වාර්තා වී ඇති බවයි.

මේ මාසයේ ගතවූ දින 3 ඇතුළත රෝගීන් 500 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී ඇති බවද ඒකකය කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...