වයඹ දිග පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් 05ක් ජීවිතක්ෂයට ,, 21 කට තුවාල!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඩෙරා ඉස්මයිල් ඛාන් නගරයේ පොලිස් මුර සංචාරයක් ඉලක්ක කර ගනිමින්, වයඹ දිග පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 21 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිස් නිලධාරීන් මාධ්‍යට වාර්තා කරයි.

ඩෙරා ඉස්මයිල් ඛාන් නගරය යනු, දිගු කලක් තිස්සේ විදේශීය සහ දේශීය සන්නද්ධ කණ්ඩායම්වලට නිවහනක් වූ නගරයක් බව සඳහන් වන අතර ,මෙම සිද්ධිය මරාගෙන මැරෙන ප්‍රහාරයකින් සිදු වූවක් ද , නැති නම් ඒ අසල අටවා තිබූ බෝම්බයකින් සිදු වූවක් ද යන්න, තවම පැහැදිලි නැති බව පාකිස්තානු පොලීසිය අවධාරණය කර ඇත.

මෙම වසර තුළ පාකිස්තානයේ ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති අතර, ඊට මූලික වශයෙන් ඇෆ්ගන් තලේබාන් සංවිධානය සමඟ මතවාදී ව පෙළ ගැසී ඇති තහනම් කණ්ඩායමක් වන Tehreek-e-Taliban Pakistan (TTP)හි ක්‍රියාකාරකම් හේතු වී ඇති බව වාර්තා වෙයි.

තවද, පාකිස්තානයේ මියන්වාලිහි පිහිටි පාකිස්තාන පුහුණු ගුවන් හමුදා කඳවුරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්ද එල්ල වී ඇති අතර, මෙම ප්‍රහාරයෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනෙකු මිය ගිය බවද පාකිස්තාන හමුදාව වාර්තා කරයි.

තවදුරටත් පාකිස්තාන හමුදාව සඳහන් කරන්නේ ඒ අතරින් තවත් තිදෙනෙකු කොටු කර ගැනීමට සමත් වූ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් ට්‍රම්ප්ට කිසිවක් ලැබී නොමැති බව ඉරාන උත්තරීතර නායක කමෙනි කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අද උදෑසන 8.30 ට ලංකාවේ පළමු ගැටුම

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා යොවුන්...

සමකාලීන තාරුණ්‍යය ජනප්‍රියවාදී ප්‍රවේශයකින් : වාලම්පූරි සහ දියමන්ති !

තරුණ සිනමා අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කළ වාලම්පූරි...

හිතාගන්න බැරි අයට නඩු වැටෙන්න පටන් අරන් තියෙනවා. නඩු පෝලිමක් එනවා – ඇමති නාමල්

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂයේ දේශපාලනඥයින් 40 කට වැඩි ප්‍රමාණයකට...