නාය යාමකින් බලංගොඩ එකම පවුලේ 04ක් අතුරුදන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (12) රාත්‍රී බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ බලංගොඩ ගවරංහේන, වැහිංතැන්න ප්‍රදේශයේ පස්කන්දක් නායයෑමෙන් එකම පවුලේ පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, තවත් නිවාස 3කට හානි සිදුව ඇති බවත් පොලීසිය පවසයි.

පොලිස් මුලස්ථානය සඳහන් කළේ, එක් නිවසක සිටි මව, පියා සහ දියණියන් දෙදෙනා මේ වන විට අතුරුදන්ව ඇති අතර , ඔවුන් පස් කන්දට යටවී ඇත් ද එසේත් නොමැති නම් නායයාමත් සමඟ වෙනත් ස්ථානයකට ගොස් ඇතිද යන්න පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී කාලයේ මෙම සිදුවීම වාර්තා වු අතර පැවැති අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයට ළඟාවීම අපහසු වීම මත ඔවුන් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බවයි.

නායයාමට ලක්වු ප්‍රදේශය අධික බෑවුම් සහිත ප්‍රදේශයක් වන අතර තවත් නිවාස කිහිපයක පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ද ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...