දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති තනතුරට !

වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව අද (29) දිනයේදී පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP 28 සමුළුව සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කරා පිටව යාමට පෙර මෙම පත්කිරීම සිදුකෙරෙනු ඇති බව සඳහන්.

මේ වනවිටත් ඊට අදාළ කටයුතු ජනාධිපති කාර්යාලයේ සිදුකෙරෙමින් පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

දේශබන්දු තෙන්නකෝන් මහතාව පොලිස්පති තනතුරේ ස්ථිර කිරීම මාස 3කින් පසුව සිදුකෙරෙනු ඇති බවත් වාර්තා විය.

මේ අතර, පොලිස්පති වශයෙන් පත්වන නිලධාරියාගේ ධුර කාලය උපරිම වශයෙන් අවුරුදු 3 කට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව, පොලිස්පති තනතුරට පත්වන නිලධාරියාට එදින සිට වසර තුනක් තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම් ඉහත තීරණය එම නිලධාරියාට අදාළ වනු ඇත.

දැනට පොලිස්පති තනතුර සඳහා ජ්‍යේෂ්ඨත්වය අනුව ඉහළින්ම සුදුසුකම් ලබා සිටින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොල්ස්පතිවරුන් බහුතරයක් 50 වැනි වියෙහි පමණ පසුවෙති.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...