මැදපෙරදිග රටවල් තුනක් තමන්ට වූ පොරොන්දුව විපක්ෂ නායක සජිත් හෙළිකරයි (VIDEO)

Date:

සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන්ට මේ වැටී ඇති රට ගොඩනැගීමට හැකි බවත් එය ඉටු කිරීමේ හැකියාව තමන් සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වසර දෙකකට සහනදායි ක්‍රමය යටතේ තෙල් ලබා ගැනීම වෙනුවෙන් මැදපෙරදිග රටවල් තුනක් සමග තමන් සාකච්ඡා කළ බවත්, එම රටවල් තුනම ඊට එකඟව ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා, එහෙත් වර්තමාන පාලනය යටතේ එවන් සහයක් ලබාදීමට එම රටවල් අකමැති බව ද සඳහන් කළේය.

රට වැටී තිබෙන බරපතළ අර්බුදයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ යුතු බව කී ඒ මහතා, වංචාව දූෂණය මර්දනයෙන් තොරව ඒ වෙනුවෙන් කැපවිය යුතු බවද පෙන්වා දුන්නේය.

Project Leopard වැඩසටහන යටතේ “ලෝක වනජීවී දිනය” නිමිත්තෙන් යාල සුභ සාධක හා අන්‍යෝධාර සමිතියට ජල පෙරණ යන්ත්‍ර 10ක් සහ රූපවාහිනී යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ සත්කාරමය මෙහෙවරට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (03) මේ බව පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...