*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

උණුසුම තවත් ඉහළට – අද (05) කාලගුණය

අද (05) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

මේ අතර අද දිනයේදී දිවයිනේ පළාත් කිහිපයකම උණුසුම් දර්ශකය “වැඩි අවධානය” යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකයේ, එනම් මිනිස් සිරුරට දැනෙන උණුුසුම “වැඩි අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවත් බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan