1947 මාර්තු 25 වන දින උපත ලද එල්ටන් හර්කියුලස් ජෝන් යනු ගායනය, වාදනය අතින් දස්කම් පෑ අග්‍රගන්‍ය කලා ශිල්පියෙකි. කුඩා කල සිටම පියානෝ වාදනයට හපන්කම් පෑ මොහු 1962 දී Blues සංගීත කණ්ඩායම පිහිටුවා ගත්තේය. පසුව ජෝන් ඉන් ඉවත්ව 1969 වසරේ දී ඔහුගේ පළමු ඇල්බමය Empty Sky නිකුත් කළ අතර වසරකට පසුව “එල්ටන් ජෝන් (Elton John)” සංගීත කණ්ඩායම පිහිටුවා ගත්තේ ය. ඔහුගේ “Your Song” යන ගීතය එවකට යුගයේ ජනප්‍රියතම ගීත අතර විය. 80/90 දශක කලඹවමින් තම ඇල්බමයන් තුළින් රසික හඳවත් සොරා ගත් පොප් රජු ඔහුයි’ කීවොත් මා නිවැරදි ය.


මොන කයි කතන්දර කීවත් මොන පොප් රජු වුනත් මස්ක් ට නම් එය අදාල නැත. තවත් තරුවක් ට්විටර් වේදිකාවෙන් නික්ම යෑමක් මෙසේ සිදු විය. එයට හේතු ගෙනහැර දැක්වීමේ දී ඔහු පළ කර තැබුවේ මෙවන් අදහසක්;
“මගේ ජීවිත කාලය පුරාම මම මිනිසුන්ව එකතු කිරීමට සංගීතය භාවිතා කිරීමට උත්සාහ කළෙමි; නමුත් අපේ ලෝකය බෙදීමට වැරදි තොරතුරු දැන් භාවිතා කරන ආකාරය දැකීම මට කණගාටුදායකය.” යන්නෙන් ඊලෝන් මස්ක් විසින් ට්විටර් අත්පත් කර ගැනීමෙන් පසු, ඔහුගේ මෑතකාලීන ප්‍රතිපත්ති වෙනස් කිරීම් ද හේතු සාධක කොට ගෙන, ට්විටර් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය භාවිතා කිරීම නැවැත්වීමට ගත් තීරණය ගෙනහැර දක්වමින් ඔහු මෙසේ සටහනක් ලියා තිබුනේ ය.

ජෝන්ගේ ට්විටර් පණිවිඩයට ප්‍රතිචාර වශයෙන් මස්ක්, ඔහු එල්ටන් ජෝන්ගේ සංගීතයට ප්‍රිය කරන බවත්, ඔහුගේ ආගමනය නැවත තමා බලාපොරොත්තු වන බවත්, ඔහු කනස්සල්ලට පත්ව සිටින්නේ කුමන ආකාරයේ වැරදි තොරතුරු පිළිබඳව ද යන්නත් සටහන් කර තිබුණි.

යුදෙව් විරෝධී ප්‍රකාශන, වර්ගවාදය, COVID-19 පිළිබඳ වැරදි තොරතුරු, වෛරී ප්‍රකාශන, ප්‍රචණ්ඩත්වය අවුස්සන වාචාල ප්‍රකාශන ඉදිරිපත් කිරීමට විරුද්ධව මස්ක් ට්විටර් ප්‍රතිපත්ති හැදුව ද ඔහු ඔහුගේ සමාජ ජාලාවෙහි දොරවල් විවෘත කර වැරදිකරුවන්ට ආපසු ඇතුළු වීමට ඉඩ දීම සම්බන්ධයෙන් මෙහි දී පැනයන් ගොඩ නැගී තිබේ.
නිව් යෝර්ක් ටයිම්ස් හි මෑත වාර්තාවකින් පෙනී ගියේ මස්ක් ට්විටර් අත්පත් කර ගැනීමෙන් පසු සමරිසි (LGBTQ+) ප්‍රජාව කෙරෙහි වෛරී ප්‍රකාශ ට්විටර් හි ඉහළ ගොස් ඇති බවකි.
මෙලෙස සමරිසි විරෝධී ප්‍රකාශ අවම වශයෙන් දිනකට 1,458 පමණ පල වීමත් සමඟ එහි ශීඝ්‍ර වර්ධනයක් වී ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි. නමුත් මස්ක් නම් ප්‍රකාශ කරන්නේ එවැනි අදහස් පල කිරීම් පහත වැටී ඇති බවක් ය. වෛරී ප්‍රකාශන තහනම්! අරව තහනම්! මේවා තහනම්! කියලා කටින් කීවට වී ඇති දෙයක් නැති බව ඉන් පැහැදිලිය.

ඔක්තෝබර් 27 වෙනිදා මස්ක් ට්විටර් අත්පත් කර ගැනීමෙන් පසු Jim Carrey, Whoopi Goldberg සහ Jameela Jamil ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙක්ම ට්විටර් වේදිකාවෙන් ඉවත් වීමට තීරණය කර තිබුණි.
ඇතැමුන් පැවසුවේ ජෝන් දැවෙන ගොඩනැගිල්ලකින් පිටව යන බවකි. එකත් ලෙසටම දැන් ට්විටර් බොහෝ දෙනාට ගිනිගෙන දැවෙමින් පවතින ගොඩනැඟිල්ලක් ලෙස පෙනෙන බවනම් නිසැකය.
නිපුනි ලියනගේ