*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

නව රෝහල මාර්ගයේ බිහිසුණු අනතුරකින් දෙදෙනෙකු මිය යයි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 05, කොළඹ (LNW): යතුරුපැදි දෙකක් මුහුණට මුහුණගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

නව රෝහල මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී මෙම බිහිසුණු අනතුර සිදුවි ඇත.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18 සහ 20 හැවිරිදි වියේ පසුවන මිරිහාන සහ මාදිවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු බව පැවසේ.

කිඹුලාවල ප්‍රදේශයේ සිට නවරෝහලට දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ දෙදෙනා ජයවර්ධනපුර සහ කළුබෝවිල රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පැවසේ.

පොලීසිය පවසන්නේ ,පැදිකරුවන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතුවී ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිරිහාන පොලීසිය සිදුකරන බව පැවසේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan