සටහන – රෂිකා හෙන්නායක
මැයි 05, කොළඹ (LNW): යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදු කොට පලාගොස් ඇති බව වාර්තා වේ,
මෙලෙස වෙඩිප්‍රහාරයකට ලක්ව ඇත්තේ ,කැබ් රථයක ගමන්කරමින් සිටි පුද්ගලයෙකු බව පැවසේ.
හොරණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර, වෙඩිප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පැවසේ.