(VIDEO):සංශෝධිත පනතෙනුත් ලංවිම යළි අමාරුවේ වැටිලා.වහාම මැදිහත්වෙන්න – ඉංජිනේරු සංගමයෙන් ඉල්ලීමක්

කොළඹ LNW: අප්‍රේල් 08 වැනි දින කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන සංශෝධිත නව විදුලිබල පනත මඟිනුත් විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රශ්න විසඳී නොමැති අතර එය පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් ඉදිරියේදී විදුලි ක්ෂේත්‍රය බරපතල අර්බුදයකට ගමන් කරනු ඇති බවට ලංවිම ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.

පසුගිය දෙසැම්බර් මස ඉදිරිපත් කරන ලද පනතට සංශෝධන ගෙන එමින් සංශෝධිත පනත ගැසට් කර තිබෙන නමුත් ඉන් තවදුරටත් විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රශ්න මතු කර තිබෙන බවත් සංශෝධන සිදුකිරීමේදී ඊට ජනතාවගේ මෙන්ම මෙම ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ අදහස්වලට ආණ්ඩුව අවධානය යොමුකර නැති බවක් පෙනෙන්නට ඇති බවයි එම සංගමය පවසන්නේ.

අද (18) මාධ්‍ය හමුවක් කැඳවමින් ලංවිම ඉංජිනේරු සංගමය සඳහන් කරන්නේ මෙම තත්ත්වය නිවැරදි කර ගැනීම සඳහා සිවිල් සංවිධාන, පක්ෂ විපක්ෂ නියෝජිතයින් මෙන්ම විද්වතුන්ද නව කතිකාවක් ඇරඹිය යුතුවන බවයි.

මේ අතර මෙම සංශෝධිත පනත සම්මත කරගෙන ඇත්තේද කඩිමුඩියේ වන අතර එදින සැලකිය යුතු පිරිසක් කැබිනට්ටුවේ සිට නැති අතර එදින න්‍යාය පත්‍රයේද ඒ ගැන සඳහන් වී නොමැති බවයි ලංවිම ඉංජිනේරු සංගමය පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතියේ 2026-2028 සැලැස්ම එළිදක්වයි!

කොළඹ LNW:සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය...

විදුලි බිල්පත් සහන සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22 කොළඹ LNW : ඉදිරිපත් කෙරේ...

පුටින්ගේ පක්ෂයට රුසියානු පාර්ලිමේන්තුවේ දැවැන්ත බහුතර බලයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: රුසියානු ජනාධිපති ව්ලැදිමීර්...

හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: යේමනයේ හූති සටන්කාමීන්ගෙන්...