ජනපති අනුර චීනය බලා පිටව යයි (PHOTOS)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ නිල සංචාරයක් සඳහා ඊයේ (13) රාත්‍රියේ දිවයිනෙන් පිටව ගොස් තිබේ.

චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ආරාධනයක් අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 සිට 17 දක්වා එරට සංචාරයක නිරත වන අතර එහිදී චීන ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු බලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමටත් නියමිතව ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර යන මහත්වරුන් ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇන්ඩෲ කුමරුගේ තරුපටි ගැලවේ; වින්ඩ්සර් නිවසින් පිටව යා යුතු බව බකිංහැම් මාලිගය කියයි

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇන්ඩෲ කුමරුගේ...

ට්‍රම්ප් එක්සත් ජනපදට සරණාගතයින් ඇතුළත් කිරීමේ සීමාව 7,500 ලෙස නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...

අරවින්ද නෙමෙයි ඒ සනත් ….

තිස්ස අසබඩ කෙට්ටු වුණත්අරවින්ද නෙමෙයි ඒ සනත් විරාගය හොරු හොරා...

වෛද්‍ය වැඩවර්ජනය අද දහවල් දක්වා තාවකාලිකව අත්හිටුවයි

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද...