*
Tuesday, May 13, 2025
spot_img

Latest Posts

මම නං හරි සතුටින් ඉන්නෙ – මහින්ද අමරවීර

මේ වනවිට යළ කන්නයේ වී වගාව ඉතා සාර්ථක මට්ටමින් සිදුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ නිසා විෂය බාර අමාත්‍යවරයා ලෙස තමා අද ඉතා සතුටින් පසුවන බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග සිය අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවක් අතරතුර ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ජුනි මස මුල් සතිය වනවිට වී වගාකර තිබූ සම්පූර්ණ කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර 238,000 ක් බවත්, කෙසේ නමුත් හෙක්ටයාර 275,000 ක් වගා කිරීමේ ඉලක්කයක් සපුරා ගැනීමේ අපේක්ෂාවෙන් පසු වූ බවත් අමරවීර මහතා පවසනවා. කෙසේ නමුත් එම ප්‍රමාණය දෙගුණයක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, අද නිළධාරීන් තමාවෙත ලබාදුන් වාර්තාවලට අනුව රටපුරා ඉඩම් හෙක්ටයාර 505,000 ක් අස්වද්දා ඇති බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

අමරවීර මහතා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වෙත පෙන්වා දුන්නේ යළ කන්නයේදී මෙන්ම ඉදිරි මහ කන්නයේදීද ගොවීන් වෙත යූරියා පොහොර ලබාදීමට පියවර ගන්නා බවයි. ඊට අදාලව සකස් කර ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔහු මන්ත්‍රීවරුන් දැනුවත් කර තිබෙනවා.

ඉදිරියේදී ආහාර හිගයක් ඇතිවන බවට මතු වූ අදහස් අභියෝගයක් බවට පත්කර ගනිමින් කෘෂිකර්ම අමාත්‍යංශය ඊට පිළියම් යෙදීමට සමත් වූ බවත්, රටේ ජනතාව ආහාර හිගයකට ඇදදැමීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත් මහින්ද අමවීර මහතා ප්‍රකාශ කරයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan