රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW :
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී (BIA) අද (20) අලුයම විශාල මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තායි ජාතික කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බැංකොක් නුවර සිට පැමිණි මෙම කාන්තාවන් සතුව තිබී කිලෝග්‍රෑම් 7කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය පැවසීය.
ඉන් එක් කාන්තාවක් (38) කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 220ක ‘කුෂ්’ (kush) මත්ද්‍රව්‍ය සහ කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 852ක ‘හෂීෂ්’ (hashish) මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගැනිණි.
තවත් කාන්තාවක් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 994ක ‘කුෂ්’ සහ ග්‍රෑම් 620ක ‘හෂීෂ්’ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනුණි.
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට සහාය සහ අනුබල දුන් බවට සැක කෙරෙන තෙවන කාන්තාව ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාවන් 30 හැවිරිදි වියේ පසුවන්නියන් බව වාර්තා වේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.


