සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ අයදුම්පත් කැඳවීම අවසන්

“කිසිවෙක් අත්හැරෙන්න දෙන්න එපා” යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනේ අයදුම්පත් කැඳවීම ඊයේ (28) දිනයෙන් අවසන් විය.

රාජ්‍ය සුබසාධක ප්‍රතිලාභ බලාපොරොත්තු වන මිලියන 2.4 ක අයදුම්කරුවන් මේ වන විට සුබසාධක ප්‍රතිලාභ දත්ත පද්ධතියේ ලියාපදිංචි වී සිටින බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඉලක්කගත ප්‍රජාවෙන් 70%ක පමණ තොරතුරු මේ වන විට පද්ධතිගත කර ඇති අතර ඉතිරි 30%ක අයදුම්පත් ප්‍රමාණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ගොනුගත වී ඇති බවත් තවත් මිලියන 1.5ක දත්ත ප්‍රමාණයක් කඩිනමින් පද්ධතිගත කිරීමට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් කටයුතු කරමින් සිටින බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.

වැඩසටහනේ දෙවන අදියර වශයෙන් අයදුම්කරුවන්ගේ නිවාස වෙත ගොස් තොරතුරු සංගණනය සිදු කෙරන අතර, එම කටයුතු නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දන්වා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට මාර්ග 7ක නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට (29) සිට බස්නාහිර පළාතේ මාර්ග 7ක්...

මහ බැංකුව විසින් දියත් කරන ලද අදෘශ්‍යමාන යුද්ධය

(ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා විසින් 2026.09.28 දින Daily FT...

අධික වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයේ දියඇලි අලංකාර ලෙස සක්‍රීය වෙයි!

නදීක දයාබණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත්...

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...