කතරගම දරුවන්ට ලැබුණු දේව බැල්ම …. (VIDEO)

Date:

ඓතිහාසික රුහුණු කතරගම දේවාලය විසින් ආරම්භ කරන ලද පරිගණක මධ්‍යස්ථානයෙහි පිහිටුවා ඇති ඩී. පී. කෝඩින් පාසලෙහි මේ වනවිට පාසල් සිසු සිසුවියන් 1,000 ක පමණ සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබමින් සිටිති. කතරගම ප්‍රදේශයේ සිටින 4,000 ක් පමණ වන මුළු පාසල් දරුවන් අතරින් මෙසේ 1,000 ක් පමණම මෙම කෝඩින් පාසලට මෙසේ කෙටි කාලයක් තුළ සම්බන්ධ වී සිටීම විශේෂත්වකි.

DP Coding School හෙවත් ඩී. පී. කෝඩින් පාසල යනු පරිගණක භාෂා දැනුම මුල සිටම ලබාදෙන මාර්ගගත (online) පාඨමාලාවකි. අනාගතයේ පරිගණක මෘදුකාංග ඉංජිනේරු රැකියා දක්වා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විවිධ තලවල රැකියාවන් සඳහා මූලික අඩිතාලම සකස් කිරීම මෙම පාඨමාලාවෙන් සිදුකෙරේ. එසේම මෙම පාඨමාලාව ඔස්සේ ඉදිරියට යන සිසු සිසුවියන්ට මොරටුව විශ්ව විද්‍යාලයේ Trainee Full Stack Developer පාඨමාලාව සමග සම්බන්ධ වීමට ද හැකියාව ලැබේ.

DP Coding School හි ඉගැන්වීම් කටයුතු සම්පූර්ණ සිංහල භාෂාවෙන් සිදුකෙරෙන අතර එම පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදේ.

පසුගිය කොවිඩ් වසංගත සමයේදී පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බිඳවැටෙද්දී කතරගම දේවාලයේ අරමුදල්වලින් පරිගණක 10ක් යොදවමින් මෙම පරිගණක මධ්‍යස්ථානය පිහිටුවා තිබිණි. 2022 ඔක්තෝබර් මාසයේදී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කතරගම දේවාලයට පැමිණි අවස්ථාවක එම දේවාලයෙහි නිළමේතුමා වන දිශාන් ගුණසේකර මහතා විසින් මෙම මධ්‍යස්ථානය ධම්මික පෙරේරා මහතාගේ අවධානයට යොමුකරවා තිබුණු අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ මහතාගේ මැදිහත් වීමෙන් මේ වනවිට පරිගණක 47ක් සහිත ඉතාම විශිෂ්ඨ අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට එය පත්ව තිබේ.

විශේෂයෙන්ම කතරගම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල, මහත් දුෂ්කරතාවන් යටතේ අධ්‍යාපන කටයුතු කරගෙන යන සිසුන්ට මෙම ඩී. පී. කෝඩින් පාසල මහඟු පිටුවහලක් වී ඇති අතර එය ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කළ ස්ථානයක් බවට පත්ව ඇත. එතෙක් පරිගණකයක් අතින් ඇල්ලීමටවත් නොලද සිසුහු විශාල ගණනක් මේ වනවිට මෙම කෝඩින් පාසලෙහි අධ්‍යාපනය ලබමින් දුරකථන ඇප්, පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමේ හැකියාව පවා ලබමින් සිටිති.

රටේ ඈත දුරබැහැර දුෂ්කර ප්‍රදේශවල සිටම දරු දැරියන්ට නව ලෝකය විවර කරමින් රටේ අනාගතය වෙනස් කෙරෙමින් පවතින්නේ මෙසේය …

ඒ වෙනස ඔබේම දෑසින් දැකගන්නට පහත වීඩියෝව නරඹන ලෙස ආරාධනා කරන්නෙමු.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය