නගරාධිපති තනතුරෙන් ඉල්ලා අස්වූ එරාජ්ට ලුණු සභාපතිකමටත් පොල්ලක් ?

Date:

ලංකා ලුණු සංස්ථාවෙහි සභාපති ධුරය සඳහා හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාව පත්කිරීමට නියමිත බැවින් ඒ මහතා පෙබරවාරි 10 වනදා සිය තනතුරින් ඉල්ලා අස්වනු ඇති බව ලංකා නිව්ස් වෙබ් අපි පසුගිය 02 වනදා වාර්තා කළෙමු.

එම පුවත සනාථ කරමින් එරාජ් ප්‍රනාන්දු මහතා අද (10) පැවති හම්බන්තොට නගරසභාවේ මාසික රැස්වීමේදී සිය නගරාධිපති ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

කෙසේවෙතත් මේ වනවිට උද්ගත වී ඇති තත්වය අනුව ඒ මහතා බලාපොරොත්තුවෙන් සිටින ලංකා ලුණු සංස්ථාවෙහි සභාපති ධුරය ද ඒ මහතාට නොලැබන ලකුණු පහළ වී ඇති බවයි ආරංචිමාර්ග කළේ.

ඒ, තම සමීපතම හිතවතෙකු වන නිශාන්ත සඳබරණ මහතාව ලුණු සංස්ථා සභාපති ධුරයෙන් ඉවත් කිරීමට සිදුවීම සම්බන්ධයෙන් නොපහන් සිතින් පසුවන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සභාපති ධුරය චමල් රාජපක්ෂ මහතාගේ ගෝලයා වන එරාජ් ප්‍රනාන්දුටත් ලබා නොදිය යුතුය යන ස්ථාවරයෙහි පසුවීම නිසා ය.

සබැඳි පුවත් –

ලංකා ලුණු සංස්ථාවේ සභාපති ධුරය හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට !

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් ඉල්ලීමක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ...

දිට්වා සුළි කුණාටුව මැදත් සචාරකයින් ඇවිත්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම මැදද විදෙස් සංචාරකයින් 25,000කට...