විපක්ෂයට එකතු වෙනවාද, නැද්ද ? – ගම්මන්පිලගේ පිළිතුර (VIDEO)

Date:

ඇත්ත ඇති සැටියෙන් දකින්න අකමැති අය ඇත්තට බියෙන් තමන්ව අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඇති බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“උදේ ඇමති – හවස නොමැති. මම නිතර කිව්ව කතන්දරයක් තමයි සියල්ල අනිත්‍ය ලෝකේ ඇමති ධුර විතරක් නිත්‍ය නෑ කියලා. ඒ නිසා මේ අනිත්‍ය අමාත්‍ය ධුරය වෙනුවෙන් මගේ හෘදසාක්ෂිය සඟවා තබාගන්නවත් මගේ ආත්ම ගෞරවය පාවාදෙන්නවත් මම සූදානම් වුණේ නෑ. ඇත්ත ඇති සැටියෙන් දකින්න අකමැති අය, ඇත්තට බයේ ඇත්තට රිදිලා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරලා තියෙනවා. බොහොම සතුටින් ඒ තීන්දුව පිළිගන්නවා”

ප්‍රශ්නය – ඊයේ කතාව සැර වැඩිවුණාද මේ ?

“ඒක අහන්න ඕනෙ ඉතින් ආණ්ඩුවෙන් තමයි”

ප්‍රශ්නය – ඒ කියන්නෙ වැදුණාද ?

“අපි වැදෙන තැන්වලට වදින්න, රිදෙන තැන්වලට රිදෙන්න කිව්වෙ. හැබැයි කොතනවත් අපි බොරුවක් කියලා නෑ. ඇත්ත දරාගන්න බැරිනම් ඒකට අපට කරන්න දෙයක් නෑ”

ප්‍රශ්නය – ඇමතිකම තියලා ඇවිල්ලා කතා කළා නම් හොඳයි කියලා හිතෙන්නැද්ද ?

“දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තිබ්බා නෙ. ඇමති ධුර රැකගන්න අපි උත්සාහයක් දැරුවෙත් නෑ, ඇමතිකමෙන් අයින් වෙලා පළායන්න උත්සාහ කෙරුවෙත් නෑ. ආණ්ඩුවට මේ අර්බුදයෙන් ගොඩයෑමේ සැබෑ වුවමනාවක් තියෙනවා නම් අපිව ඉවත් කළාට කමක් නෑ, අපි කිව්ව දේ කළොත් ඒක රට වෙනුවෙන් ගන්න පුළුවන් ඉදිරි පියවරක්”

ප්‍රශ්නය – විපක්ෂයට එකතු වෙන්න කැමැත්තක් නැහැ ?

“අපි හෙට පක්ෂ 11 නායකයින් හමුවෙලා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනවා”

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (03) රාත්‍රියේ සිය බඩුබාහිරාදිය ද රැගෙන බලශක්ති අමාත්‍යාංශයෙන් ඉවත්ව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...