පොලීසියේ කෙණහිලිකම්වලට ලක්වූ සමරිසි කාන්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ ඓතිහාසික මූලික අයිතිවාසිකම් පෙත්සම!

Date:

ඉකුත් වසරේ සමරිසි අනන්‍යතාවයක් දරන කාන්තාවකට තම දෙමාපියන් විසින් කෙණහිලිකම් සිදුවීම, ඇගේ ලිංගික දිශානතිය අනාවරණය කිරීම සමඟ ඈ බලහත්කාරයෙන් නිවාස අඩස්සියේ දමා තිබීම සහ ඈ මානසික රෝගයකින් පසුවන්නේ යැයි වැලිසර මහබාගේ පොලීසියේ අනුග්‍රහය ද ඇතුළු ඈව බලහත්කාරයෙන් වෛද්‍ය පරීක්ෂා වෙත යොමුකිරීමට ගත් වෑයමක් සහ එම සිදුවීමට අදාළව අධිකරණය විසින් විශිෂ්ට නඩු තීන්දුවක් ලබා දෙමින් ඇගේ ලිංගික දිශානතිය මානසික රෝගයක් හෝ අපරාධ වරදක් නොවන බවට නිගමනය කිරීම පිළිබඳ අපි මීට ඉහත තොරතුරු වාර්තා කළෙමු.

දැන් වාර්තාවන අන්දමට, එම කාන්තාව තමා මුහුණ පෑ අත්දැකීම විස්තර කරමින් ශ්‍රී ලංකා පොලීසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. 

23 හැවිරිදි වින්දිත කාන්තාව, තම ලිංගික දිශානතිය මත වැලිසර මහබාගේ පොලීසිය විසින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ අවස්ථා කිහිපයක්ම සිය පෙත්සමේ සඳහන් කර ඇති අතර, මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ද නම් කර ඇත.

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙවන් නඩුවක් ගොනුවන පළමු අවස්ථාව මෙයයි. අධිකරණය විසින් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව විසින් ද විවිධ ලිංගික අනන්‍යතා මත වෙනස්කොට සැලකීම් සිදුවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය ඔස්සේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් ආරක්ෂා වී තිබෙන බවත් සඳහන් කර ඇති පසුබිමක, දිවයිනේ විවිධ පෙදෙස්වල මෙවන් සිදුවීම් වාර්තා වී තිබේ.

ඒ අනුව, විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ ක්‍රියාදාමයට මෙම අධිකරණ ක්‍රියාමාර්ග සහ තීන්දු බෙහෙවින් වැදගත් වනු ඇත.

අදාළ පෙත්සම්කාරිය, ඈට රජය විසින් ලබා නොදෙන සමානාත්මතාවයට ඇති අයිතිය, සිතීමේ හා හෘදසාක්ෂියේ නිදහස, කෘෘර හා අවමන් සහගත සැලකීමෙන් නිදහස ලැබීමට ඇති අයිතිය, සහ නීත්‍යානුකූල රැකියාවක නිරත වීමට ඇති අයිතිය ආදී මූලික අයිතිවාසිකම් කිහිපයකටම අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහන ඉල්ලා ඇති අතර, ලිංගික දිශානතිය මත පදනම්ව පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමෙන් හෝ බලහත්කාර වෛද්‍ය ඇගයීම්වලට යොමු කිරීමෙන් වැළකී සිටින ලෙස අනෙකුත් පොලිස් නිලධාරීන්ට නියෝග කරන මෙන් ශ්‍රී ලංකා පොලීසියට නියෝගයක් නිකුත් කරන ලෙස ද ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

තිෂ්‍ය වේරගොඩ, පුලස්ති රූපසිංහ සහ ස්ටෙෆානියා පෙරේරා යන නීතීඥවරු පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටිති.

සංස්කාරක (LGBTIQ)

සබැඳි පුවත්:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...