*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

උදව් ඉල්ලලත් බයිඩන් උදව් කරන්නෙ නෑ, අපිට තනියම සටන් කරන්න අමාරුයි – බංකරයක සිටින යුක්රේන ජනාධිපති

රුසියානු ආක්‍රමණිකයාට එරෙහි යුද්ධයට බටහිර රටවල් උදව් කරනු ඇතැයි බලාපොරොත්තු වුවද සියලු රටවල් යුක්රේන ජනතාවට පිටුපෑ බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අමතා අවස්ථා කිහිපයකදී උදව් ඉල්ලා සිටි නමුත් ඔහු තවමත් තමාගේ හඬට කන්දීමට සූදානම් නොමැති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ඇමරිකාව ඇතුළු බටහිර රටවල් පිටුපෑම හේතුවෙන් ආක්‍රමණිකයාට එරෙහිව තනිවම සටන් කිරීමට යුක්රේන ජනතාවට සිදුව ඇති බවත්, මේ නිසා තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවත් සඳහන් කරන සෙලෙන්ස්කි වැඩිදුරටත් පවසන්නේ යුරෝපා රටවල් හෝ යුක්රේන ජනතාවට උදව් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

කුමන අපහසුතා පැවතියද යටත් වීමට තමා හෝ තම ජනතාව සූදානම් නොමැති බවත්, ආක්‍රමණිකයා පරාජය කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසනවා.

යුක්රේන ජනාධිපතිවරයා බංකරයක සිට CNN පුවත් සේවය වෙත මෙම අදහස් පළකර තිබේ.

යුක්රේනයට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන රටක් සමග සාම මාවතට පිවිසීම අසීරු බවත්, සාම සාකච්ඡා අඛණ්ඩව හා සාර්ථකව සිදු කිරීමට නම් රුසියාව විසින් යුක්රේන ජනතාව වෙත බෝම්බ හෙළීම නැවැත්විය යුතු බවත් සෙලෙන්ස්කි පවසනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan