සටහන – රෂිකා හෙන්නායක
මැයි 05, කොළඹ (LNW):අද (05) ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය දිනයයි.
“හෙට ලෝකය උදෙසා තිරසාර පවුල් සෞඛ්‍ය සේවාවක්” යන තේමාව යටතේ අද දිනයේ පවුල් සෞඛ්‍ය දින සැමරුම් උළෙල වැලිඔය, සම්පත්නුවර, ඇතාවැටුනු වැව, මහවැලි සංචාරක බංගලා පරිශ්‍රයේදී පැවැත්වෙන බව සඳහන් වේ.
රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු පැවසුවේ, එහිදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවත්, මනා සෞඛ්‍ය සේවාවක් රට තුළ ගොඩනැගීම සඳහා දුෂ්කරතා රැසක් මධ්‍යයේ සිය සාමාජිකාවන් රාජකාරි කරන බවයි .