*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ඉතිහාසය වෙනස් කිරීමේ වගකීමත් එක්ක කොරියා යන නෙට්බෝල් අනාගතය

ආසියානු යොවුන් දැල් පන්දු කිරුළ වෙනුවෙන් සටන් කරන්නට හැටන් නැෂනල් බැංකු කණ්ඩායම නියෝජනය කරන සජිනි රත්නායකගේ නායකත්වයෙන් තරග වදින ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු කණ්ඩායම නම් කර තිබෙනවා.එහි උප නායකත්වය කොළඹ මියුසියස් විද්‍යාලයේ නෙත්මි විජේනායකට හිමි වී තිබෙනවා.
විවාදාත්මක තේරීම් පරීක්ෂණ ගණනාවකට මුහුණ දි අවසන් දොළොස් දෙනා දක්වා පැමිණි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ඇතුළත් විය යුතු ක්‍රීඩිකාවන් කවරේද යන්න පිළිබඳව යම් ගැටළුකාරී තත්ත්වයක මතු වුව ත්,එම තේරීම් සඳහා විරෝධය පළ කළ කොටස් එල්ල කරන ලද චෝදනාවන් හී යම් අශෝභන ස්වරූපයක් දකින්නට තිබුණා.

ඒ අතර ශ්‍රී ලංකා නායිකාවකව සිටි තේරීම් කමිටු සභාපතිනියගේ නෙට්බෝල් දැනුම ගැන ප්‍රශ්න කිරීම මෙන්ම,ජාතික සූරතාවයන් නොදිනූ කණ්ඩායම්වල ක්‍රීඩිකාවන්ගේ නම් ඇතුළත් වීම ගැටළුකාරීයි.සැබෑ ගැටළුව ඇත්තේ ශ්‍රී ලංකාවේ බොහෝ තැන්වල දැනුම ඇති අය එම දැනුම යොදා ගන්නා ආකාරයේ ස්වභාවයේ යි.එසේම ලංකාවේ දක්ෂයන් සහ පහසුකම් කේන්ද්‍රීය වන ආකාරයේ ගැටළුවක් තිබෙනවා.ඒ ආකාරයටම දැනුම ලැබෙනාකාරයේ වෙනසක් ද තිබෙනවා.ඒ නිසා පෞද්ගලිකව දක්ෂතා ඇති අයෙකුට සූරතාව සහිත කණ්ඩායමක ඉන්නට බැරි වන්නට හේතුවක් විය හැක්කේ තමන්ට තමාට සමීප දක්ෂතා ඇති කණ්ඩායමක් නොමැති වීමයි.ඒ නිසා සංචිතයට මූලික වශයෙන් තේරීමට පදනම් වූ කාරණාවේදීම සළකා බැලෙන්නේ කණ්ඩායමක් ඇතුළට දක්ෂතා යොදා ගැනීම විනා ජයග්‍රාහී කණ්ඩායමක සාමාජිකයෙක් ද යන්න නොවිය යුතුයි.

නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ ක්‍රිඩාවන්හී තේරීම්වල වැරදි ඇති විය හැකියි.එසේම ඊට බලපාන්නේ තේරිම් සඳහා සම්බන්ධ වන අයගේ දැනුම නොවන අතර වෙනත් පෞද්ගලික කාරණායි.එහිදී නිර්වචනය දෙවන කාරණාව විය යුතු අතර ඒ අය “මොනවාද දන්නේ කියා” විමසීම වැරදියි.
කෙසේ හෝ දැන් ඇදෙමින් තිබුණ තේරීම් සදහා අවසන් 12 වෙනුවෙන් අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී තිබෙනවා.එම 12 දෙනා සමඟ ආසියාව ජයගැනීම අමල්කා ගුණතිලක පුහුණුකාරියට මෙන්ම සහය පුහුණුකාරිනී ශෂිකා සමරසිංහට ද එල්ල වී තිබෙන අභියෝගයක්.අත්දැකීම් ඇති නායිකා සජිනි රත්නායක මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති විදූෂා පෙරේරා ද මෙහිදි කණ්ඩායමට සිය අත්දැකීම් යොදා ගෙන පිටිය තුළ ලබා දෙන පන්නරය වැදගත් වේවි.උප නායිකා නෙත්මි විජේනායක ද මීට පෙර අවුරුදු 16 න් පහළ දකුණු ආසියාතික තරගාවලියේදී ශ්‍රී ලංකාවට නායකත්වය ලබා දී තිබෙනවා.

එහෙත් ඉතිහාසය ගත් විට ශ්‍රී ලංකාව ආසියානු දැල් පන්දුවේ රැජීණ හැටියට පිළිගන්නා නමුත්,කණිෂ්ට අංශයෙන් තවමත් සූරතාව අත් කරගෙන තිබෙන්නේ තෙවරක් පමණයි.ඒ 1998,2002 දී සහ 2015 දී පමණයි.වැඩිම අවස්ථා ගණනකදී සූරතාව දිනා තිබෙන්නේ මැලේසියාවයි.ඒ හය වතාවක්.සිංගප්පූරුව දෙවතාවක් සූරියන් වී සිටිනවා.ශ්‍රී ලංකාව පස් වතාවක් අනු සූරියන් වී ඇති අතර අවසාන වරට පැවති තරගාවලියේදී දිනා ඇත්තේ තෙවන තැනයි.ඒ නිසා මෙවර තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් 12 ක් අතරින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යන්නට පුහුණුකාරිනියන්ට සහ ක්‍රීඩිකාවන්ට විශාල වගකීමක් පැවරී තිබෙනවා.මෙවර තරගාවලියට පකිස්තාන කණ්ඩායමක් පැමිණීම විශේෂත්වයක් ගන්නා අතර දැඩි ආගමික සීමා යටතේ පකිස්තානු කාන්තාවට මේ ලැබුණු ඉඩ අතිශයින්ම සතුටුදායක තත්ත්වයකි.

අද (ජූනි 06) පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම ජූනි 10 ආරම්භ වී 17 වන දා නිමාව දකින තරගාවලියේදී විශාල පෙරළියක් කරනු ඇතැයි සිතිය හැකියි.ඒ සඳහා ආසියානු දැල් පන්දු රැජීනියන් සමඟ අඛණ්ඩව පුහුණු වෙන්න ලැබීමත් විිශාල ශක්තියක් විය හැකියි.
පිටත්වීමට පෙර මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇති විශ්වාසයත් සහිතව ක්‍රීඩා අමාත්‍යවරයා නෙට්බෝල් කණ්ඩායම මුණ ගැසුණා. ජාතික දැල්පන්දු සංගමය අරමුදලක් පිහිටුවාගෙන රජයේ මුදල් ලැබෙනකල්ම ඉන්නේ නැතිව කල් වේලා ඇතිවම අඩු මිලට ප්‍රවේශපත්‍ර වෙන්කරවාගෙන තිබීම ගැන මෙහිදී අමාත්‍යවරයා සංගමයට ස්තූතිය පළ කළා.එසේම මෙම කන්ඩායම වෙනුවෙන් කොරියාවේ වෙසෙන තරුණ කණ්ඩායමක් අවශ්‍යය ආහාරපාන ලබා දීමට භාරගෙන සිටීමත් සතුටට කරුණක්.අමාත්‍යවරයා ද එම කරුණ පිරිසට ස්තූතිය පළ කළ අතර අප ද විශ්වාස කරන්නේ ඔවුන් මේ මොහොතේ ශ්‍රී ලංකා යොවුන් නෙට්බෝල් කණ්ඩායමට පමණක් නොවන රටේ සමස්ථ ක්‍රීඩාවේම ගෞරවය හිමිවිය යුතු අනුග්‍රහයකට බැදී සිටින බවයි.

මාස හයක කාලයක් ඉති හොඳින් පුහුණු වී ආසියාවේ කණිෂ්ඨ නෙට්බෝලයට හිමි තැන වෙනස් කිරීමේ අරමුණෙන් වෙහෙස වී කැපවී ක්‍රියා කර සිටින මේ යොවුන් කණ්ඩායම ජයග්‍රහණය කරා ගියහොත් එහි රහස සේ අමාත්‍යවරයා කියූ වචන මාලාවක් නොකියන්නට නෙට්බෝල් සභාපතිනිය ඉදිරිපත් නොවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.එසේම ඇයගේ නායකත්වය යටතේ මේ මොහොතේ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් දෙකටම පුහුණුව ලබා දෙමින් කරගෙන යන කටයුත්තට ද ප්‍රනාමය පුද කරනවා.
පහත දැක්වෙන්නේ අමාත්‍යවරයා සමඟ නෙට්බොල් කණ්ඩායම නිල ඡායාරූපයට පෙනී සිටි අවස්ථාවයි.

ඉදිරි පෙළ (වමේ සිට) – වෛද්‍ය ශිරෝමි පිලපිටිය.වජිරා පුෂ්පකුමාරි (කළමණාකරු),ලක්ෂ්මී විකටෝරියා (සභාපතිනිය).ඒ .මුතුමාල (ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්),අමාත්‍ය රොෂාන් රණසිංහ,කේ මහේෂන් (ලේකම් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය),අමල්කා ගුණතිලක (පුහුණුකාරිය),ශෂීකා සමරසිංහ ( සහය පුහුණුකාරිණිය),සජිනි රත්නායක (නායිකා)
දෙවන පෙළ (වමේ සිට)-විදුෂා පෙරේරා,නීශා චලනි,සාරා පීරිස්,භාෂි උඩගෙදර,ඩිල්මි විජේනායක,මිනාගි කන්කානමගේ,ටිමී ගෝනාර ගමගේ,නෙත්මි විජේනායක,නෙතංගා ගුණරත්න,ජිනලි බාලසූරිය සහ රනුදි පෙරේරා

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan