*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

සිර බතට තිත තබමින් බෝගම්බර සුපිරි හෝටලයක් වන ලකුණු!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 05, කොළඹ (LNW):පෞද්ගලික ආයෝජකයෙකු, බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත් කිරීම සඳහා ඉදිරිපත්ව සිටින බවත්, එහි පෞරාණික බව රැකගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සැලසුමක් ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරෙන්නේ 2014 වසරේ දී වන අතර,විසල් මහනුවර සංවර්ධන සැලැස්ම හා මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ එය ප්‍රතිසංවර්ධනය කෙරෙන බව සඳහන් වේ.

සිරකරුවකු ඇඳි සිත්තම්

යටත් විජිත ගෘහ නිර්මාණ ශිල්පය රැකගනිමින් බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල සංරක්ෂණ හා සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන අතර, විවෘත හා විනෝදාත්මක පහසුකම් සහිත පරිශ්‍රය සාමාන්‍ය ජනතාව සඳහා විවෘත කිරීමත් සමගින් එහි ආර්ථික වටිනාකම ඉහළ නැංවීම ව්‍යාපෘතියේ අරමුණ බව පැවසේ.

බන්ධනාගාර පවුර සහ ප්‍රධාන ගොඩනැගිල්ල හැරුණවිට අනෙකුත් භූමිය සංවර්ධන සඳහා කටයුතු සිදුකෙරෙමින් පවතින අතර, බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය වෙළෙඳ සංකීර්ණ , අවන්හල් සහ සංචාරක හෝටලය ඇතුලත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිත බව සඳහන් වේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ, බන්ධනාගාර පරිශ්‍රය වාස්තු විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකම ආරක්ෂා කරමින් එම කටයුතු සිදුකෙරෙන බවයි,

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan