*
Monday, May 6, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 06/06

  1. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මූල්‍යාධාර සැපයීමට එරෙහිව දියත්වන ක්‍රියාන්විතයන්වලට අදාළව ශ්‍රී ලංකාවේ මීළඟ ඇගයීම ඉදිරියේදී පැවැත්වෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: එය “රට තුළ ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ අනුපාතය සහ විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමේ හැකියාව කෙරෙහි සෘජුවම බලපාන බැවින්” මෙම ඇගයීම අතිශයින් වැදගත් බව අවධාරණය කරයි.
  2. 2023 පළමු කාර්තුව තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රු. බිලියන 29.7 ක ලාභයක් වාර්තා කරයි: 2022 වසරේදී එහි මෙහෙයුම් අලාභය රු. බිලියන 6.2 ක් වූ අතර, එය 2021 දී රු. බිලියන 41.3 ක් විය: ලංකා විදුලු බල මණ්ඩලය විසින් පිරිවැය මත පදනම් වූ මිල යාන්ත්‍රකරණයක් ක්‍රියාත්මක කිරීම ආරම්භ වූයේ 2023 පෙබරවාරි මැද කාලසීමාව තුළ බැවින් 2023 පළමු කාර්තුව තුළ එහි අලාභය රු. බිලියන 34.4 කි: ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රජය විසින් සහතික කරන ලද විදේශ විනිමය වටිනාකම් සහිත ණය තොගයේ හිඟ ශේෂය මධ්‍යම රජයේ ණය තොගයට මාරු කිරීම හරහා එහි ශේෂ පත්‍රය ප්‍රතිව්‍යූහගත කිරීමට රජය තීරණය කරයි.
  3. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව මහාධිකරණ විනිසුරුවරුන් කිහිප දෙනෙකු පත්කර තිබේ: දිස්ත්‍රික් විනිසුරුවරුන් වන ටී.ජේ. ප්‍රභාකරන්, පී.කේ. පාරණ ගමගේ, සහ පාර්ලිමේන්තු සහකාර මහ ලේකම් ටිකිරි කේ. ජයතිලක සහ ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතීඥ කේ.ඩී.වයි.එම්. නයනි නිර්මලා කස්තුරිරත්න යන අය මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම ලබා ඇත.
  4. ඉන්දියාවේ චෙන්නායි වරායේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියාවේ ප්‍රථම සංචාරක නෞකාව වන “කොර්ඩීලියා එම්ප්‍රස්” (Cordelia Empress) පිටත් කර හැරීමට ඉන්දියානු වරාය, නාවික, ජල මාර්ග පිළිබඳ ප්‍රධාන අමාත්‍ය සර්බානන්ද සොනොවාල් (Sarbananda Sonowal) කටයුතු කරයි: එම නෞකාව ජුනි 07 වන දින හම්බන්තොට වරායට ළඟා වන අතර, ඉන් අනතුරුව ත්‍රිකුණාමලයට යාත්‍රා කර එහි එක් දිනක් නැව්ගත කර තැබීමට නියමිතය: මෙම නෞකාව, ඉදිරි මාස හතර තුළ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට මඟීන් 50,000 ක් රැගෙන යනු ඇති බව කොර්ඩීලියා ප්‍රධාන විධායක නිලධාරී ජර්ගන් බෙයිලොම් (Jurgen Bailom) පවසයි.
  5. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ සිදුවූ අධිප්‍රමාණය සැලකිල්ලට ගෙන, ජූනි 15 වන දින සිට මිල පාලක යටතේ නියාමනය වන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කළ ඖෂධවල මිල 16% කින් අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
  6. ලංකා වාණිජ මණ්ඩලය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන නියෝජිතයන්ට ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික වර්ධනයන් සහ රටේ ආර්ථික ගමන් පථයට ඒවාහි බලපෑම පිළිබඳව විස්තර කරයි: මෙම හමුවේ දී පොලී අනුපාත, විනිමය අනුපාත, විදේශ වෙළඳාම සහ සාමාන්‍ය දේශපාලන වාතාවරණය ආදී කරුණු කෙරේ අවධානය යොමුව තිබේ: ලංකා වාණිජ මණ්ඩලය යනු, ශ්‍රී ලංකා රුපියලේ දැවැන්ත කඩා වැටීමක් ඇතිවීමට, ඉතා ඉහළ පොලී අනුපාත ඇතිවීමට, ඉහළ උපයෝගීතා මිලගණන් ඇතිවීමට, දැවැන්ත සෘණ වර්ධනයක් ඇතිවීමට, සහ විදේශ විනිමය ලැබෙන ඉදිකිරීම් ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්තු නැවතීමට හේතු වූ “ණය පැහැර හැරීම” සහ ඉන් අනතුරුව ඉදිරිපත් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි පාර්ශවයක් බව ද සිහිපත් කළ යුතුය.
  7. පරිසර අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ‘හරිත දේශගුණික අරමුදල් සීරු මුලපිරීම‍ට’ (Green Climate Fund Readiness Initiative) අදාළව ගිවිසුමක් අත්සන් කරයි: දේශගුණික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා පරිසර අමාත්‍යාංශයේ සහ පෞද්ගලික අංශය ඇතුළු එහි හවුල්කරුවන්ගේ තාක්ෂණික ධාරිතාව ඉහළ නැංවීම මෙම යෝජනාවේ අරමුණයි: ගෝලීය දේශගුණික අවදානම් දර්ශකය (Global Climate Risk Index) අනුව, ශ්‍රී ලංකාව යනු දේශගුණික විපර්යාස හමුවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවල්වලින් එකක් වන අතර, දැවැන්ත කාලගුණික සිදුවීම් හමුවේ අවදානමට ලක්ව ඇති ප්‍රධාන රටවල් 10 අතර ශ්‍රී ලංකාව නිරන්තරයෙන් ශ්‍රේණිගත වී තිබේ.
  8. මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ වැඩසටහනට සහාය ලබා දීම අරමුණු කොටගෙන, පාවෙන සූර්ය පැනල බලාගාර ව්‍යාපෘති දෙකක් ස්ථාපිත කිරීම සඳහා කොරියානු රජයෙන් රු. මිලියන 15,600 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ය: මෙම සූර්ය පැනල බලාගාර ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ චන්ද්‍රිකා ඇල සහ කිරිඉබ්බන් ඇල මත ස්ථාපිත කිරීමට නියමිත අතර, මෙමඟින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 2 ක විදුලියක් සැපයීමට නියමිත ය.
  9. දැනට පවතින GSP+ රෙගුලාසි 2023 අවසන් වන විට අවසන් වීමට නියමිත බැවින්, යුරෝපා වෙළෙඳපොළට සහනදායී ප්‍රවේශයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව පියවර ගැනීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහලේකම් යොහාන් ලෝරන්ස් පවසයි: GSP+ ලබා ගැනීම රඳා පවතින්නේ මානව හිමිකම්, කම්කරු ශ්‍රමය, පරිසර සහ යහපාලනය යන විෂයයන් ඔස්සේ දැනටමත් සම්මත කර (ratified) ඇති සම්මුතීන් ශ්‍රී ලංකාව විසින් ආරක්ෂා කිරීම මත බව සිහිපත් කරයි: GSP+ අහිමි වුවහොත් ඇඟලුම් අංශයේ ඒකාබද්ධ පාඩුව ඇ.ඩො. මිලියන 494ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය ඇස්තමේන්තුගත වෙළෙඳ පාඩුවෙන් 79% ක් බවට අනතුරු අඟවයි.
  10. තම කණ්ඩායමට ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍ය බවත්, ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරඟාවලිය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය බවත්, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරඟයේ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසයි: ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට සූදානම් වීම සඳහා තම කණ්ඩායමට ඇත්තේ සීමාසහිත අවස්ථාවන් සහ කාලයක් බවත්, අත්දැකීම් මෙම අදියරේදී ඉතා වැදගත් බවත් පවසයි: “කණ්ඩායම ආපසු පැමිණි ආකාරය පිළිබඳ තමා ඉතා සතුටු වන” බව පවසන ඔහු, ඇන්ජලෝ මැතිව්ස්ගේ අත්දැකීම් කණ්ඩායමට ඉතා වැදගත් බව ද අවධාරණය කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan