ආණ්ඩුවට පනින්න ඔන්න මෙන්න ඉන්න කීපදෙනෙකුයි ආණ්ඩුව පැත්තේ කීපදෙනෙකුයි පහුගිය දවසක සෙට්වෙලා පොඩි කතාවක් දාගෙන ඉඳලා. ප්‍රශ්නය ඇමතිකම්. ආණ්ඩුව පැත්තේ එක්කෙනෙක් ඔය අස්සේ මරු කතාවක් කිව්වා ලු.
“දැන් බලන්න ඔය වජිර ඉන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී. එයා ඇමතිකම් ඉල්ලන්නෙත් නෑ, ඉල්ලලා කරදර කරන්නෙත් නෑ. එයාගෙ ක්වීන්ස් පාරේ ගෙදරට උදේ ඉඳන් එක එක කට්ටිය එනවා. එන හැමෝටම හොඳටම සලකනවා. එන අයගේ වැඩත් කෙරෙනවා, වජිරගේ වැඩෙත් කෙරෙනවා. ඇමතිකම් නෑ, හැබැයි වජිර වෙනදාට වඩා හොඳට තමන්ගෙ වැඩ ටික කරගන්නවා. ඉතින් ඇමතිකම් මොකටද ? ඇවිල්ලා වජිර වගේ ඉන්න”
පනින්න ඉන්න කට්ටිය දුන්නු උත්තරේ නම් අපට ආරංචි වුණේ නැහැ ලු …
RN