*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

මහබැංකුවේ ඉලක්කය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (07) පැවති උත්සවයකදී මහබැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා ඇත්තේ , පෞද්ගලික අංශයේ පොලී අනුපාත තවදුරටත් පහළ යා යුතු බවත් , මෙරට සැබෑ ආර්ථිකය වෙත මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බවත්ය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බව ප්‍රකාශ කළ මහ බැංකු අධිපතිවරයා පහළ යන උද්ධමනය අනුපාතය අනුව ප්‍රතිපත්ති අනුපාත තවදුරටත් ලිහිල් කිරීමට අවස්ථාව පවතින බව ද පෙන්වා දී ඇත.

මහ බැංකු අධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ , මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවූ උද්ධමනය සහ මුදල් පීඩනය මැඩපැවැත්වීම සඳහා වාර්තාගත ලෙස පොලී අනුපාත ඉහළ දැමීමට පියවර ගත් අතර පසුගිය මාස දෙක තුළ ප්‍රතිපත්ති අනුපාත පදනම් අංක 450කින් පමණ අඩුකිරීමට හැකි වූ බවයි.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළ සියයට 03ක හැකිලීමට වඩා ආර්ථිකයේ ශක්තිමත් කාර්යය සාධනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වනු ඇති අතර , උද්ධමනය සියයට 4ත් 6ත් අතර අගයකට ළඟාවීම මහ බැංකුවේ ඉලක්කයද වන  බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan