*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

ෆොනීට යන එන මං නැතිවෙන ලකුණු !

දේශපාලනය ගැන සංවේදී කෙනෙකුට නම් කලවැද්දා කියන වචනය ඇහිච්ච ගමන් අනිත් අතට මතක් වෙන කෙනා ෆොනී. රටේ ඇතිවෙච්ච රණවිරු ගායෙන් රටේ දේශපාලනයට ලැබිච්ච එපාම කරපු දෑවැදිවලින් ෆොනීත් ලොකුම එකක් කියලා කියන්න පුළුවන්.

වතාවක් රටේ ලොකු පුටුවට තරග කරන්න අවස්ථාව ලැබුණු නිසා ෆොනී හිතාන ඉන්නේ ඊට පහළ කිසිම පුටුවක් එයාට හරියන්නෙ නෑ, ලොකු පුටුවම තමයි එයාල ලැබෙන්න ඕනෙ කියලා. එයා ඒකට යන්න හදන්නෙත් සාකච්ඡාවෙන් සම්මුතියෙන් නෙවෙයි වටේ ඉන්න හැමෝම එක්ක වලි දාගෙන.

මේ දවස්වල ෆොනීගෙ ලොකු පුටු උණ ආයෙත් උත්සන්න වෙලා. එයා දැන් ටෙලිෆෝන් පාටියේ ලොක්කාට ගහලා ඒ පාටියේ බලය අල්ලාගෙන ඒකෙන් රටේ ලොකු පුටුවට තරග කරන අදහසක තමා ඉන්නේ. පහුගිය දවස්වල එයා යූටියුබ් සම්මුඛ සාකච්ඡා කීපයක් තියලා ටෙලිෆෝන් ලොක්කාට බැනලා තිබ්බා වගේම තමන් ආඥාදායක පාලනයක් පිහිටුවන්න බලාපොරොත්තු වෙන කතාවකුත් කියලා තිබ්බා. ෆොනී කියලා තිබ්බේ සොඳුරු ආඥාදායකයෙක් වෙනවා කියලා, ඒත් ඉතිං එයාගෙ සොඳුරු හරිය කවුරුත් දන්නවානෙ.

කොහොම වුණත් එයා මේ කරගෙන යන වැඩේට ටෙලිෆෝන් පාටියේ කට්ටියගෙන් නම් කිසිම සපෝට් එකක නැහැලු. මොකද එයාගෙ හැසිරීමත් එක්ක එයා කලින්ම ඒ පාටියේ බොහෝ දෙනෙක්ව තරහා කරගෙන ඉන්න නිසා. ඕකෙන් මේකෙන් එයාට ළඟදීම දේශපාලනයේ යන එන මං නැතිවෙයි කියලා තමයි ආරංචිමාර්ග කියන්නේ.

දන්න අය නම් කියන්නේ එයා දේශපාලනයේ ඔය ආපු දුරත් හොඳටෝම වැඩියි කියලා. තමන්ගෙ කටවත් පාලනය කරගන්න බැරි මනුස්සයෙක් රටක් පාලනය කරන්නේ කොහොමද කියලා තමයි එයාලා අහන්නේ ….

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan