*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

මිචිගන්, මිසූරි සහ ඉඩාහෝ ප්‍රාථමිකයේ ජය ට්‍රම්ප්ට

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 03,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් ප්‍රාන්ත තුනක් වන මිචිගන්, මිසූරි සහ ඉඩාහෝහි රිපබ්ලිකන් අපේක්ෂකත්වය ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව. ඊයේ දිනයේදී(02)පැවති මැතිවරණයේදී ධවල මන්දිරය ජයග්‍රහණය කිරීමට ඕනෑම අපේක්ෂකයෙකුට ප්‍රධාන වන සටන් බිමක් ලෙස වැදගත් වන මිචිගන් හි නියෝජිතයින් 39 ක්, මිසූරි හි 54 ක් සහ ඉඩාහෝ හි 32 ක් දිනා ගැනීමට ට්‍රම්ප් සමත්වන විට ඔහු හා තරඟ කළ එක්සත් ජාතීන්ගේ හිටපු තානාපතිණි නිකී හෙලී දිනාගෙන තිබුණේ නියෝජිතයන් 24 දෙනෙකු පමණි.

ඒ අනුව ට්‍රම්ප් හා තරඟ වැදී ඔහුගේ එකම ප්‍රතිවාදියා වූ නිකී හේලි පුළුල් ලෙස පරාජයට පත් කිරීමත් සමඟ ට්‍රම්ප් 2024 මැතිවරණයේදී පක්ෂයේ නිල අපේක්ෂකයා බවට පත්වීමට ආසන්න බව දක්නට ලැබේ.

මේ වන විට ප්‍රථමික මැතිවරණය පැවැත්වූ ප්‍රාන්ත වලට අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් නියෝජිතයින් 247ක් දිනා ඇති අතර නියෝජිතයන් යනු අදාළ පක්ෂයේ ජාතික සම්මේලනයේදී තම ප්‍රාන්තය හෝ දිස්ත්‍රික්කය නියෝජනය කරන පුද්ගලයන් වන අතර එහි ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කරන පිරිසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan