*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ජ.වි.පෙ. වෙත ….

මගේ පරණ ජ.වි.පෙ. මිතුරෙක් මගෙන් අද ඇහුවා ඇයි දැන් ජ.වි.පෙට සහය පලකරපු පෝස්ට් වැඩිය දාන්නෙ නැත්තෙ කියලා මට හිතුනා උත්තරේ පෝස්ට් එකක් විදියටම හදලා දාන්න..

දැන් නම් ප්‍රාදේශිය සබාවට නොමිනේශන් ලිස්ට් පුරවන්න ගියත් කට්ටිය ඉන්නවා ඕනෑවටත් වඩා හකුරු කෑල්ලට කූඹි එකතුවෙන්නැහේ…හැබැයි අනූ හතරේදි පාර්ලිමේන්තු මැතිවරණයට ලිස්ට් එකට දාන්ට කට්ටිය අපි හොයව්වේ බෙහෙතට කෝඳුරු තෙල් හොයනවා වගේ… හේතුව එදා නොමිනේශන් ලිස්ට් එකට නම දමාගැනීම සමහරවිට මරණ සහතිකේට අත්සන් කරනවා වගේ වැඩක් වෙලා තිබ්බ නිසා.. ජ.වි.පෙ. ක්‍රියාකාරිකයන් පැහැරගෙන ගොස් මරාදැමීම අනූ එක අග වෙනකම්ම වගේ උනා.. එදා අපි නොමිනේශන් දෙන කාලයේදී සමහරවිට ඝාතනයට ලක්වෙච්ච හැටදාහේ ඇටවලින් මස් දියවෙලා තියෙන්ටත් නැතිව ඇති..

එදා අනූ හතරේදී මම හිරෙන් එලියට ආපු ගමන්ම වගේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලිස්ට් එකට නමත් දැම්මා.. පරාන බය නිසා දිස්ත්‍රික් මූලස්ථානයකට කවුරුත් තැනක් දෙන්නෙ නැති වෙලාවේ යන්තම් හමුදා ගින්නට අහුවෙන්න දෙන්නෙ නැතිව බේරගත්ත පොඩි ගෙපැලත් පරිත්‍යාග කලා දිස්ත්‍රික් මූලස්ථානයට.. මැතිවරණ වේදිකාව හදන්ට පොල් පරාල ගන්ට වත්තෙ තිබ්බ මෝරපු නැති කොස්ගස් තුනත් වික්කා (දන්නෝ දනිති).

දැන් ප්‍රාදේශීය රැස්වීමක් තිබ්බත් පය ගහගන්ටවත් ඉඩක් නැති තරම් සෙනඟ දෝරෙ ගලන මේ මොහොතේ ව්‍යාපාරේ ප්‍රමෝට් කරන්න මම අවශ්‍ය් නෑ කියලා මම හිතනවා. ඒ වගේම ප්‍රශස්ති ලියලා හිලව්වට ජයග්‍රහණයෙන් තඹේක දෙයක්වත් බුක්තිවිඳීමේ අදහසකුත් මට නෑ….

දැන් අවශ්‍ය් මේ මහා ප්‍රවාහය රටට හා ව්‍යාපාරයට හිතකර පැත්තට හා හානිකර නොවන අතට තල්ලු කරන්ට අදාල මතවාදී විවේචනය එලියේ ඉඳන් දෙන එක..

මොකද ඉතිහාසයේ ජ.වි.පෙ. ට බරපතල හානි සිදු උනේ පක්ෂෙ කුඩා උන අවස්තාවලදී නෙමේ..පක්ෂෙ ව්‍යාකූල උනේ ඒක වටා මහා රැළි හැදුන අවස්තාවල ..

උදාහරණයක් විදියට චන්ද්‍රිකාගේ පරිවාස කාලේ පක්ෂෙට පාර්ලිමේන්තු සීට් තිස් අටක් ආපු කාලේ ඒත් එක්කම ව්‍යාපාරයට ලොකු අලාබානි එකපිට එක රැල්ලක්ම ආවා.. නායකයන් සතුරු කඳවුරට ගියා, තිබ්බ ජනපදනමත් නාය ගියා, පාර්ලිමේන්තු ගිය ජොකියන්ගේ හතරෙන් තුනක් පක්ෂෙ දාලා ගෙදර ගියා, අන්තිමේදී පක්ෂෙ දෙකට කැඩුනා..

මේ පාර එන්නේ ඊට නොදෙවෙනි සුනාමි රැල්ලක්.. ජය වගේම ඇතැම්විට විය හැකි අලකලංචියත් රැල්ලෙ තරමට සමානු පාතික විය හැකියි.. ජනප්‍රියවාද වල ප්‍රතිවිපාක පක්ෂෙට විතරක් නෙමේ ඇතැම්විට රටටත් අත්විඳින්ට වෙන්ට පුළුවන් ..

දැන් මට තියෙන්නෙ ඉස්සෙල්ලා පරිවාස කාලෙදි වගේම කනු හෙල්ලෙන්ට එළියේ ඉඳන් විවේචනය දෙන එක..

සමහරවිට රිදෙයි, වෙරි සොරි.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan