*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්ගේ පක්ෂයේ සංවිධායකවරියක් අත්අඩංගුවට !

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සහ පොලිස් නිලධාරීන් පිරිසක් අතර පසුගියදා යාපනය, වඩමරච්චි ප්‍රදේශයේදී ඇතිවූ ගැටුම්කාරී සිද්ධියට අදාළව ඒ මන්ත්‍රීවරයාගේ පක්ෂයේ නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ සංවිධායකවරිය වන ජේගදීස්වරි සද්ගුණදේවි (අරුල්මති) මහත්මිය අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මර්දන් කර්නි මහජන ක්‍රීඩා පිටියේ ඇතිවු සිද්ධියට අදාළව පොලිසියේ රාජකාරියට බාධා කිරිමේ චෝදනා මත ඇය අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

ඇයව කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මර්දන් කර්නි මහජන ක්‍රීඩා පිටියේ පැවති ජනහමුවකට තමන් සහභාගී වෙමින් සිටියදී එම ස්ථානයට යතුරුපැදියකින් පැමිණි CID නිලධාරීන් යැයි කියාගත් දෙදෙනෙකු සැකසහිත ලෙස තමන් පසුපසින් සිටි බවත් ඔවුන්ගෙන් ඒ ගැන විමසීමේදී ඔවුන් හැඳුනුම්පත් පෙන්වීම ප්‍රතික්ෂේප කළ අතර ඉන් එක් අයකු එතැනින් ඉවත්ව යාමට උත්සාහ කිරීමේදී එය වැළැක්වීමට තැත්කළ විට තමන්ට හෙල්මට් එකකින් පහරදී පැනගිය බවත් මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබිණි.

මේ අතර මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මන්ත්‍රීවරයාගේ පාර්ශ්වයෙන් ද එහිදී වැරදි සිදුව ඇති බවත් පොලිස් නිලධාරීන් හැඳුනුම්පත් ඉදිරිපත් නොකළ බවට කෙරෙන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වාර්තාවක් ද කැඳවා තිබිණි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan