*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

අරගලය ලන්ඩනයේ ප්‍රදර්ශනයට

අරගලය ඉවර කරන්න ඉස්සෙල්ලා කඩාගෙන වැදුණ රාජ්‍ය මැර කණ්ඩායම් ගෝල්‌ෙෆ්ස් අරගලය ගිණිබත් කළා.ඒ් රාජ්‍යයේ ජීවත්වෙන ජනතාවගේ ආරක්ෂාවට බැදී සිටින පොලීසිය විසින් ලබා දුන් අනියම් ආශිර්වාදයද ඇතිවයි.මේ කණ්ඩායම් පිටුපස ආපු දේශපාලනඥයන්ගෙ,ඉහළ පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප තොරතුරු මාධ්‍යවලින් දැකින්න ලැබුණත් උත්තරීතර අධිකරණය මඟින් ඒ් ඡායාරූපවල හිටපු ඒ් ඉහළ නිලධාරීන් ඒහෙම ඒ් සිදුවීම්වලට සම්බන්ධ නැහැ කියලා තීරණය කරලා තියෙනවා.අධිකරණයට අපහාස කරන්න කාටවත්ම බැහැ.සමහර විට අධිකරණය ඒ් පේන්න ඉන්න අයගෙ සහභගීත්වය සමහර වෙලාවට අධීක්ෂණය කිරීමේ අදහසින් එහි පැමිණීමක් කියා තීරණය කළා වෙන්නටත් පුළුවන්.
කොහොම හරි ඒ් පැනපු මැර කණ්ඩායම් පළමුවෙන්ම ගිණිබත් කරලා විනාශ කරලා දැම්මෙ අරගලයට සහභාගි වූ හැමෝම වගෙ තමන්ගෙ අදහස ඇද තබා යන්න ගොඩ වූ චිත්‍රාගාරය.ඒ් වගෙම චිත්‍රාගාරයේ සාමාජිකයන් අතින් ඒහි මතු වූ විරෝධතා අවස්ථාවන් සඳහා නිරන්තරයෙන්ම පෝස්ටර් කටවුට් නිර්මාණය කරන්නත් දායකත්වය ලබා දුන්නා.

අරගලය මානුෂික සහ අරගලය විරුද්ධ වූ ක්‍රියාදාමය අශිෂ්ඨ වීමේ සාධකය හඳුනාගන්න හොඳම අවස්ථාවක් වුණේ ගිණි තබන්නට පහර දෙන්නට මැරයින් එන විටත් චිත්‍රාගාරයේ භරකරු නැත්නම් ජාත්‍යන්තර වටිනාකමක් තියෙන චිත්‍ර ශිල්පියෙක් වන සුජිත් රක්නායක සාමකාමීත්වයේ අවශ්‍යයතාවය ගැන කටවුට් එකක් අකුරු කරමින් සිටීමයි.නමුත් මතින් මත්ව සිටි මැරයන්ට තමන් පහර දෙන්නේ කුමකට යන්න සම්බන්ධයෙන් කිසිඳු අදහසක් තිබුණෙ නැහැ.ඔවුන් චිත්‍රාගාරයේ තිබුණ පොඩි දරුවන්ගේ චිත්‍ර පවා ගිණිතබා විනාශ කළා.ඒහි සිටි අයගෙ ඇඳුම් පැළදුම් පමණක් නොවෙයි චිත්‍රමය උපකරණත් ඒ් අය අතින් විනාශ වුණා.

හැබැයි ඔවුන්ට ඒ් චිත්‍රාගාරය වටා බැදුණ අරමුණ සහ කලාව විනාශ කරන්න බැරි වුණා.ඒ් කලාව දෘෂ්ඨමය මැදිහත්වීම කරමින් ලයනල් වෙන්ඩ්ට් රඟහලෙන් ඇරඹි අරගලයේ සිත්තරා නම් වූ සුජිත් රත්නායක නිර්මාණය කරපු චිත්‍ර ප්‍රදර්ශනය පසුව මහනුවර දී ද මසක කාලයක් ප්‍රදර්ශනය විය.ඒ් ඇට්ලියර් කලාගාරයේ දී ය.ජූලි 7 වන දා උදාවන විට මේ අරගලයේ සිත්තරකරුවා තමන්ගේ සිතුවම් එක්ක ඉන්නෙ ලන්ඩන් නගරයේ දී.8 දා ඉදලා ජූි 16 වන තෙක් Uxbridge road හී අංක 171, Harrow Art Center සුජිත්ගේ සිතුවම් ප්‍රදර්ශනයෙන් සැරසිලා තියෙනවා.

8 වන දා පෙරවරු 2.00 ට ආරම්භ වන ප්‍රදර්ශනය නිමා වන ජූලි 16 වන දා පස්වරු 2.00 අවසාන මොහොතේ මේ වෙනුවෙන් සංවාද මණ්ඩපයක් ද සකස් වෙනවා.එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික සමූහයක් වන අරගලයේ ජනතාව,විම්බෑම් සහ අගෝරා සමඟ එක්ව කටයුතු සංවිධානය කරන මෙම ප්‍රදර්ශනයට එක්සත් ජනපදයේ ප්‍රධාන විශ්ව විද්‍යාල දෙකක් වන එසෙක්ස් සහ නිව් කාසල් විශ්ව විද්‍යාල දක්වන දායකත්වය ලාංකේය කලාවට පමණක් නොව සමාජ දේශපාලනික තත්ත්වයන්ට ද අතිශයින් වැදගත් වෙනවා.
ඔබ ලන්ඩන් හී,එසේත් නැතිනම් එක්සත් රාජධානියේ වෙසෙන කෙනෙක්නම් මේ අවස්ථාවට සහභාගි වීම වැදගත්.වර්ථමාන දේශපාලන ඛේදවාචකය පක්ෂ වර්ණවලින් තොරව වරණ ගන්වා ඇති සුජිත්ගේ ප්‍රකාශය ඔබ හිතන ලංකාව සහ දකින – අහන ලංකාව වෙනස් මානයකින් විදීමට කරන දේශපාලනික ආරාධානවක් වෙනවා නිසැකයි.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan