දෝත පුරා ආදරය රැගෙන නෙළුම් යාය මෙවර හැඳලට

Date:

දිනේශ් වීරක්කොඩි පදනමේ මූල්‍ය අනුග්‍රහයෙන් හා නෙළුම් යාය සමාජ සත්කාරක වැඩසටහනේ සංවිධාන ශක්තියෙන් අප මෙවර රාගම මත්තුමගල රෝමානු කතෝලික විද්‍යාලයේ ආර්ථික අපහසුතා සහිත, හඳුනාගනු ලැබූ දරුවන් විසිපස් දෙනෙක් වෙනුවෙන් පාසල් සපත්තු ලබා දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.



මෙවර දිනේශ් වීරක්කොඩි පදනම මඟින් ලක්ෂයකට ආසන්න මුදලක බරපැන දරමින් මෙම සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, මෙය ඉදිරියේදී ද මාස්පතා කරගෙන යාමට අපේක්ෂා කෙරේ.

පවතින ආර්ථික අපහසුතාවයන් හා පාසල් ද්‍රව්‍යන්ගේ මිල ගණන් ඉහළයාම හේතුවෙන් මේ වන විට දරුවන් රැසක් පාසල් ගමන නවතා දමා ඇති බව රහසක් නොවේ.

මෙවන් ආර්ථික උද්ධමනයක් නොතිබුණු 2016 වසරේ කම්කරු දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් පරිදි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් “ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය 2016” නමින් සමීක්ෂණයක් සිදුකළ අතර, එම වාර්තාවට අනුව වර්ෂයේ දී පමණක් වයස අවුරුදු 5-17 අතර ළමුන් මිලියන 4.6ක් වූ බවත් ඉන් දරුවන් 452,661ක් විවිධ හේතූන් මත පාසල් නොයන බවත් අනාවරණය විය. 2016 තත්වය මෙසේ නම් අද තත්වය පිළිබඳ කීමට යමක් ඉතිරිව නැත.

එබැවින් අප එකමුතුව රටේ අනාගතය රැක ගනිමු. ඔබට අපට හැකි ලෙස පාසල් දරුවන්ට අවශ්‍ය දෑ හැකි පරිදි ලබා දෙමින් ඔවුනට ශක්තියක් වෙමු.

සරණක් ඇවැසි දරුවන් වෙනුවෙන් ශක්තියක් වන මෙම සමාජ සත් කාර්යය වෙනුවෙන් ඔබටද නෙළුම් යාය සමාජ සත්කාරක පදනම හරහා සහභාගී විය හැක.
එවිට ඔවුන්ගේ සතුටු මුහුණු අපට මෙන්ම ඔබටද දැකිය හැක.



අද මෙන්ම හෙටත් අපි ඔවුන්ට දෝතපුරා ආදරය අරන් යන්නෙමු.

නෙළුම් යාය පදනම_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...