*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

‘යහපාලනයක් වෙනුවෙන් ක්‍රියා කරන්න’ – හිටපු ජනපති මෛත්‍රීගෙන් නව වසරට බලාපොරොත්තුවක්!

කොළඹ LNW: සැමට ප්‍රතිලාභ ලැබෙන සාධාරණ සමාජයක් සහ යහපාලනයක් උදෙසා වෙහෙසෙමින් කටයුතු කිරීමට සියලු දෙනා ක්‍රියා කළ යුතු බව නව වසරට සුභ පැතුම් එක්කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ගෝලීය වේදිකාවේ දී, භූ දේශපාලනික ආතතීන් කනස්සල්ලට හේතු වී තිබෙන අතර අවිනිශ්චිත කාලවලදී සාමය, සහයෝගීතාවය සහ අවබෝධය ලුහුබැඳීම සඳහා ජාතීන් එකට එකතු වීම වඩාත් තීරණාත්මක බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

“පසුගිය වසරේ ආර්ථික අභියෝග, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළ යෑම්, බදු වැඩිකිරීම් සහ ජාත්‍යන්තර වශයෙන් බලපාන භූ දේශපාලනික මාරුවීම් ඇතුළු දැඩි තීරණ ගැනීමේ අවස්ථාවන් මෙන්ම දේශගුණික විපර්යාස ද සනිටුහන් විය. එවැනි අවිනිශ්චිතතා සහ අභියෝග හමුවේ ඔබ සියලුදෙනා ඉවසීමෙන් හා දැඩි අධිෂ්ඨාන ශක්තියකින් කටයුතු කිරීම ශ්‍රී ලාංකිකයන් ලෙස අප ජන සමාජය තුළ ගොඩනැගී ඇති විශේෂ ලක්ෂණයකි.

අප මුහුණ දී ඇති ආර්ථික අභියෝග අනුවර්තනය වීමේ සහ නව්‍යකරණයේ අවශ්‍යතාවය අවධාරණය කරයි. අර්බුදකාරී කාලවලදී අභියෝග ජය ගැනීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන කල මෙන්, සිංහල, දමිල, මුස්ලිම්, බර්ගර් නිදහස් ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ ඇති ශක්තිය බොහෝ විට නව නිර්මාණශීලිත්වය පෝෂණය කිරීමට, නව විසඳුම් සෙවීමට සහ වඩාත් ශක්තිමත් සහ පුළුල් ආර්ථිකයක් ගොඩනැගීමට සහ ඒ තුළින් 2024 නව වසරේ දැවෙන ගැටළු විසඳීමටත්, අත්‍යවශ්‍ය සේවාවන්ට සහාය වීමටත්, දරුවන්ට වඩාත් තිරසාර අනාගතයක් ඇතිකිරීමටත්, ස්වාභාව සෞන්දර්යයන්ගෙන් පිරිපුන් පරිසරයක් පවත්වාගෙන යාම සඳහා මග පෑදීමටත් මෙන්ම ඔබ සැමට ප්‍රතිලාභ ලැබෙන සාධාරණ සමාජයක් සහ යහපාලනයක් උදෙසා වෙහෙසෙමින් කටයුතු කිරීමට සියලුම දෙනා කටයුතු කළ යුතුය.

ගෝලීය වේදිකාවේ දී, භූ දේශපාලනික ආතතීන් කනස්සල්ලට හේතු වී තිබේ. අවිනිශ්චිත කාලවලදී සාමය, සහයෝගීතාවය සහ අවබෝධය ලුහුබැඳීම සඳහා ජාතීන් එකට එකතු වීම වඩාත් තීරණාත්මක වේ. ප්‍රමුඛ ලෙස බුද්ධ දර්ශණයෙන් පෝෂණය ලත් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස මාගේ පාලන කාලය තුළ වූ යහපැවැත්ම සඳහා ජාතීන් අතර හවුල් වගකීම, සංහිඳියාව පිළිබඳ හැඟීම නැවතත් වර්ධනය කිරීමෙන් අපට ගෝලීය වේදිකාවේදී ජාතීන් අතර එකමුතුකම පෝෂණය කිරීමට දායක විය හැකි නම්, එය කදිම අවස්ථාවක් වන අතරම ඒ තුළින් මෙරට පළුඳු වූ ජාත්‍යන්තර සබඳතා නැවත ශක්තිමත් කිරීමටද හැකි වනු ඇත.

2024 නව වසර, ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත්, විදෙස්ගතව රැකියාවන්ගේ නියුතු සියලුදෙනාටත් සෞඛ්‍ය සම්පන්න, කාර්යක්ෂම, ශක්තිය, ධෛර්යය, ප්‍රඥාව, එකමුතුකම යන ගුණාංග කැටිකරගත් අප මාතෘභූමියට වඩාත් හොඳ හෙටක් නිර්මාණය කිරීම සඳහා වන ධනාත්මක පරිවර්තනයේ සුභවාදී බවින් පිරිසුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි.

මෛත්‍රීපාල සිරිසේන
හයවන විධායක ජනාධිපති
පාර්ලිමේන්තු මන්ත්‍රී”

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan