*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ශ්‍රීලනිපයේ දෙපැත්තෙන්ම එල්ලලා තියෙන්නේ ආණ්ඩුවේ වලිග දෙකක්. ඊළඟ ඡන්දයෙන් ශ්‍රීලනිපය ඉවරයි – චන්දිම

එළඹෙන මැතිවරණය අවසන් වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂයත් දේශපාලනිකව අවසන් ගමන් යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපැත්තෙන්ම එල්ලලා තියෙන්නෙ ආණ්ඩුවේ වලිග දෙකක්. ආණ්ඩුවේ ඇමතිවරු දෙන්නෙක් මේ පක්ෂයේ දෙපැත්තෙ එල්ලලා. එතකොට මේ ගිනිගන්න ආණ්ඩුවනෙ. මොන කොනෙන් පත්තු කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිනිගන්නවා දෙපැත්තෙන්ම, නිවන්න පැත්තක් නෑ, දෙකොනම ගිනිගනී. එතකොට මේ මැතිවරණය ඉවර වෙද්දී අපේ ඒ ආදරණීය පක්ෂය ගිනිබත් වෙලා, අළු වෙලා, අවසන් වෙනවා. හැබැයි ඒ පක්ෂයට විතරක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයටත් ඒ උරුමයම රනිල් වික්‍රමසිංහ අරන් දෙනවායි කියන එක මතක තියාගන්න ඕනෙ. අද පොළවේ තියෙන පක්ෂය, ගොඩනැගෙන ජනතාවාදී පක්ෂයක් හැටියට තියෙන්නෙ සමගි ජන බලවේගයයි”

චන්දිම වීරක්කොඩි මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan