*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

බොරු ප්‍රචාරවලින් සජබ පුළුල් සන්ධානය නවත්වන්න බෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

සමගි ජන බලවේගය පුළුල් සන්ධානයක් බවට පත් වීමට බිය වී ඇති වත්මන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස් තමන්ගේ ඔවුන්ට සම්බන්ධ ඥාති මිත්‍රාදීන්ගේ මාධ්‍ය ජාලා උපයෝගී කර ගෙන ව්‍යාජ තොරතුරු සමාජ ගත කරමින් සිටින බවත් ජනාධිපතිවරයා ගොබෙල්ස් න්‍යාය අනුව යමින් ව්‍යාජ තොරතුරු ජනගත කළත් සමගි ජනබ⁣ලවේගය විසින් පුළුල් සන්ධානයක් ගොඩනැගීම නැවැත්විය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ මාතරදී පැවැති ‘ජවය’ පළාත් පාලන අපේක්ෂක හමුව වැඩසටහනට එක්වෙමිනි.

ජනපතිගේ ආශිර්වාදයෙන් බෙහෙත්වලිනුත් සොරා කෑවා

රට බංකොලොත් වී තිබියදී ජන ජීවිත අඩාල වී තිබියදී රටේ වියදම් අධික වී තිබියදී පොහොට්ටුවේ 134 දෙනකුගේ නායකත්වයෙන් පත්වූ ජනාධිපතිවරයාගේ ආශිර්වාදයෙන් ⁣ජනතාවට නොමිලේ ලබා දෙන බෙහෙත්වලින් පවා වත්මන් රජය හොරා කෑ බවත් මේ නිසා සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව සමගි ජන බලවේගය විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ ඊට 113 දෙනකු විරුද්ධ වී සෞඛ්‍ය ඇමතිවරයාව ආරක්ෂා කිරීමට කටයුතු කළ බවත් මේ 113 දෙනාම මෙම බෙහෙත් සහ එන්නත් වංචාවට වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් සජබේ පෙනී සිටිනවා

එමෙන්ම මේ රට තුළ යුක්තිය සාධාරණත්වය සහ සත්‍ය ජය ගැනීම වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් ගිනි අවි අමෝරා ගෙන ඉදිරියට එන නරින් ඉදිරියේ දණ ගසන පුද්ගලයන් සමගි ජන බලවේගයේ නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඩොලර් හොයන්න ඕන නිවැරදි දැක්මක් විතරයි

එසේම ඩොලර් රුපියල් උපයන්න සල්ලි ගස් නොමැති බවත් ඒ සදහා නිවැරදි දැක්මක් වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් විපක්ෂයේ සිට එම වැඩපිළිවෙළ සිදු කරන ආකාරය සමගි ජන බලවේගය ඔප්පු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කයිවාරුවෙන් තොරව අපි හොරු අල්ලා පෙන්නුවා

රට බංකොලොත් කළ පුද්ගලයන් කවුද කියා සමගි ජන බලවේගය අධිකරණය හමුවේ අනාවරණය කර ගත් බවත් ඒ අනුව එයට වගකිවයුතු රාජපක්ෂවරු ඇතුළු පිරිසට එරෙහිව මූලික අයිතිවාසිකම් කඩවීමෙන් අගතියට පත් ජනතාවට වන්දි ඉල්ලා නඩු පැවැරිය හැකි බවත් ඒ සදහා වන වැඩපිළිවෙළකට ද සමගි ජන බලවේගය ප්‍රවිශ්ඨ වි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විවිධ කයිවාරු කාරයන් මෙන් හොරු අල්ලනවා යැයි කිය කියා බොරු බේගල් ඇද බෑම් සිදු නොකළ බවත් විපක්ෂයේ සිට හොරු අල්ලන හැටි ප්‍රායෝගිකව ඔප්පු කළ බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan